රට රැකියා ජාවාරමක නිරත වූ අඹුසැමි යුවළක් අත්අඩංගුවට
රට රැකියා ජාවාරමක නිරත වූ අඹුසැමි යුවළක් අත්අඩංගුවට
යුක්‍රේන හමුදාවේ රැකියා දෙන බව පවසමින් මිනිස් ජාවාරමේ යෙදුණු මෙරට අඹුසැමි යුවළක් එළඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

යුක්‍රේන හමුදාවේ රැකියා දෙන බව පවසමින් මිනිස් ජාවාරමේ යෙදුණු මෙරට අඹුසැමි යුවළක් එළඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද පැමිණ භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර අඹුසැමි යුවළ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර එම පුරුෂයා වෘත්තීයෙන් ආර්ථික විද්‍යා ගුරුවරයෙකි.

යුක්‍රේන හමුදාවේ රැකියා ලබාදෙන බව පවසා ඔවුන් මෙරටින් පිටත් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 55කි.

යුද හමුදාවේ සේවය කළ පිරිසක්ද ඒ අතර වන අතර යුක්‍රේන හමුදාවේ කපිතාන්වරයෙක් වශයෙන් සේවය කර දැනට මියගොස් සිටින රනීෂ් හේවගේ නැමැත්තාගේ සම්බන්ධීකරණයෙන් අදාළ පිරිස එවකට යුක්‍රේනයට යැවීමට සැකකරුවන් පියවර ගෙන තිබූ බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

එහිදී හෙළිවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පිටත්වන පිරිස් ඉන්දියාව හරහා පෝලන්තයට යොමුකර ඉන් පසු යුක්‍රේනයට ඇතුළු කර ඇති බවය.

එලෙස පිටත් කරවන එක් අයෙකුගෙන් ජාවාරම්කරුවන් රු. ලක්ෂ 2ත් 5ත් අතර මුදලක් අය කරගෙන ඇති බවද අනාවරණ කරගෙන තිබේ.

මෙරටින් පිටත්ව ගිය අය අතුරින් පිරිසක් යුක්‍රේනයට ගොස් ඇති අතර පෝලන්තයට ඇතුළුවීමට නොහැකිව යළි මෙරටට පැමිණි අයද වෙයි.

විමර්ශකයින් පෙන්වා දෙන්නේ තවත් පිරිසක් අසර්බයිජානයට ගොස් ඇතැයි වාර්තා පළවන නමුත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවය.

එමෙන්ම යුක්‍රේන හමුදාවේ සේවයට ගිය පිරිස අතුරින් තිදෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකය.

 News Reference:-Ada Derana

 

What's your reaction?

Comments

https://colombojournalists.com/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!

Facebook Conversations

Disqus Conversations