මොස්කව් ප්‍රහාරයට අත්අඩංගුවට ගත් පිරිසගෙන් සිව්දෙනෙකුට අධිචෝදනා
මොස්කව් ප්‍රහාරයට අත්අඩංගුවට ගත් පිරිසගෙන් සිව්දෙනෙකුට අධිචෝදනා
රුසියාවේ මොස්කව් හී සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් සිව්දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකිරීමට පියවර ගෙන තිබේ.

රුසියාවේ මොස්කව් හී සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් සිව්දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔවුන් සිව්දෙනාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවිය හැකි බව මොස්කව් දිස්ත්‍රික් අධිකරණයක් උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේය.

පසුගිය සිකුරාදා මොස්කව් අගනුවර රඟහලකට එල්ල වු ප්‍රහාරයෙන් පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් ඇති අතර 200කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.

මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් 04 දෙනෙකුට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනුකර තිබේ.

ඒ අනුව ඔවුන් එරට අධිකරණයක් හමුවට පමුණුවා ඇති අතර මැයි මස 22වන දා දක්වා සැකකරුවන් රඳවා තබාගැනීමට නියෝග කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ඔවුන්ගේ නඩු විභාග දිනය නියමවන දිනය අනුව රඳවා තබා ගැනීමේ කාලය දීර්ඝ වනු ඇත.

එමෙන්ම විත්තිකරුවන් දෙදෙනෙකු මේ වන විට වරද පිළිගෙන ඇති බව ද අධිකරණය උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේය.

News Reference:-Ada Derana

 

What's your reaction?

Comments

https://colombojournalists.com/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!

Facebook Conversations

Disqus Conversations