කල් ඉකුත් වූ කිරිපිටි මුළු ලංකාවටම බෙදූ පිටකොටුවේ කඩේ
කල් ඉකුත් වූ කිරිපිටි මුළු ලංකාවටම බෙදූ පිටකොටුවේ කඩේ
පිටකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කල් ඉකුත් වූ කිරිපිටි තොග බෙදාහරින ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත්ව තිබේ.

කල් ඉකුත් වූ කිරිපිටි මුළු ලංකාවටම බෙදූ...පිටකොටුවේ කඩේ...

පිටකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කල් ඉකුත් වූ කිරිපිටි තොග බෙදාහරින ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත්ව තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය අද (22) පිටකොටුව ප්‍රදේශයේ තොග අලෙවිසැල් විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබිණි.

එහිදී අලෙවි කිරීමට සුදානම් කර තිබූ කල් ඉකුත් වූ කිරිපිටි කිලෝග්‍රෑම් 825ක තොගයක් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන අයිස්ක්‍රීම් සහ රසකැවිලි වෙළෙන්දන් මෙම කල් ඉකුත් වූ කිරිපිටි රැගෙන යන බවට සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

සිද්ධියට අදාළ තොග වෙලෙදසැල් හිමිකරුට එරෙහිව නඩු පැවරීමට නියමිත අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

 News Reference:-Ada Derana

 

What's your reaction?

Comments

https://colombojournalists.com/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!

Facebook Conversations

Disqus Conversations