සියලු පක්ෂ සාමාජිකයින් කොළඹට කැඳවන්න මෛත්‍රීගෙන් තීරණයක්
සියලු පක්ෂ සාමාජිකයින් කොළඹට කැඳවන්න මෛත්‍රීගෙන් තීරණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සාමාජිකයින් සතිඅන්තයේ දී කොළඹට කැඳවීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සාමාජිකයින් සතිඅන්තයේ දී කොළඹට කැඳවීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

ඉතා වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයින්, විධායක කාරක සභිකයින්, ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්, පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සියලු නිලධාරීන් මෙලෙස පක්ෂ මුලස්ථානය වෙත කැඳවා ඇති බව සඳහන්ය.

මෙම රැස්වීමට පැමිණීම අනිවාර්ය බවට ද සියලු සාමාජිකයින් වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් ඉදිරියේ දී බිහිවීමට නියමිත අතර එහි කටයුතු ද අවසන් අදියරට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ මුලිකත්වයෙන් නිර්මාණය වන නව සන්ධානයේ කටයුතු ද අප්‍රේල් මාසය තුළ අවසන් වීමට ද සැලසුම් කර තිබේ.

ඒ අනුව එම සන්ධානයේ දේශපාලන රැස්වීම් මාර්තු මාසයේ සිට අඛණ්ඩව සිදුකරන බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවේය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම වෙනුවෙන් මෙම නව සන්ධානය ක්‍රියාත්මක වේ.

News Reference:-Ada Derana

 

What's your reaction?

Comments

https://colombojournalists.com/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!

Facebook Conversations

Disqus Conversations