පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් කරනවා - විදුර වික්‍රමනායක
පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් කරනවා - විදුර වික්‍රමනායක
පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත් කරන බව,

COLOMBO (News 1st) –  පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත් කරන බව, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

මග්ගොන කල්වාරිය සිද්ධස්ථානයේ ඊයේ (23) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසම් සහ ලතෝනි ගායනා ක්‍රිස්තියානි දහම් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන බවයි.

එහිදි කිතුණු ගායනා ශෛලියන් වන පසම් සහ ලතෝනි ගායනා 60 ක් ඇතුළත් ග්‍රන්ථයක් එළිදැක්වීම හා ඒවා අන්තර්ජාලයට මුදා හැරීම සිදු කෙරිණ. 

පසම් සහ ලතෝනි ගායනා, සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් ය.

News Referance-Newsfirst

 

What's your reaction?

Comments

https://colombojournalists.com/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!

Facebook Conversations

Disqus Conversations