පාසල් සිසුන්ට ආහාර වේලක් දීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි..
පාසල් සිසුන්ට ආහාර වේලක් දීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි..
2024 පාසල් ආහාර වැඩසටහන අද(25) ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතාගේ

COLOMBO (News 1st) – 2024 පාසල් ආහාර වැඩසටහන අද(25) ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ ආරම්භ වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ඊට සමගාමීව පළාත් මට්ටමින් ද සමාරම්භක වැඩසටහන් දිවයින පුරා පැවැත්වෙන බවයි.

පෝෂණවේදීන්ගේ නිර්දේශද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමටද වැඩි අවදානයක් යොමුවී තිබේ. 
 
නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටු කරගැනීමට අපේක්ෂිතයි.
 
රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ ම පාසල් ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6කට මෙම වැඩසටහන යටතේ ආහාර ලැබෙනු ඇති.

රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර, අමතරව ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු සංවිධාන මේ සඳහා සහය ලබා දෙයි.

News Referance-Newsfirst

 

What's your reaction?

Comments

https://colombojournalists.com/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!

Facebook Conversations

Disqus Conversations