ලංකාවේ විද්‍යුත් ත්‍රිරෝද රථ
ලංකාවේ විද්‍යුත් ත්‍රිරෝද රථ
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් මරදාන දුම්රිය දෙපාර්තමේන්තු බඩු ගබඩා පරිශ්‍රයේදී විවෘත කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් මරදාන දුම්රිය දෙපාර්තමේන්තු බඩු ගබඩා පරිශ්‍රයේදී විවෘත කර තිබේ.

සම්පූර්ණයෙන්ම මෙරටදී නිෂ්පාදනය කෙරෙන වේගා සමාගමේ ELEKTRATEQ ත්‍රිරෝද රථයේ සම්පුර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය මෙම නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයේදී සිදු කෙරේ.

අති නවීන තාක්ෂණය යටතේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන තහඩු කැපීම, නැවීම සඳහා යොදාගැනෙන යන්ත්‍ර, බැටරි නිෂ්පාදන යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපාංග රාශියකින් මෙම කර්මාන්ත ශාලාව සමන්විතය.

මීට අමතරව දැනට භාවිතයේ පවතින පෙට්‍රල් භාවිතයෙන් ධාවනය වන ත්‍රිරෝද රථයක් පැය දෙකක කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම විදුලියට පරිවර්තනය කරදීමට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් මෙම කර්මාන්ත ශාලාව සතුවීම විශේෂත්වයකි.

මේ වනවිටත් පෞද්ගලික මූල්‍ය ආයතනයක් සමඟ ඒකාබද්ධව එක් මසක් තුළ ත්‍රීරෝද රථ සියයක් විදුලියට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම කර්මාන්තශාලාවේ ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට එක්වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ඉදිරියේදී මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය ආශ්‍රිතව මගී ප්‍රවාහන සේවාවන්හි නිරත ලියාපදිංචි ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙසටය.

කර්මාන්තශාලාවේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමත් සමග මෙම කර්මාන්තශාලා පරිශ්‍රය තුළදීම විදුලියට පරිවර්තනය කරන ලද ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම ඇතුළු අනෙකුත් නීතිමය කටයුතු සිදුකිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු එම ස්ථානයට සේවයේ යෙදවීම සඳහා පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරාම විදුලි ත්‍රීරෝද රථ හඳුනා ගැනීම සඳහා අංක තහඩුවට විශේෂ වර්ණයක් සහ සෑම විදුලි ත්‍රීරෝද රථයක් සඳහාම පරිසර හිතකාමී බව හැඟවෙන ආකාරයේ එකම වර්ණයකින් වර්ණ ගැන්වීමේ වැඩපිළිවෙලක් සඳහාද පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

 

What's your reaction?

Comments

https://colombojournalists.com/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!

Facebook Conversations

Disqus Conversations