Archive

Category: Sport

චමරිට හා ශෂිකලාට ජාත්‍යන්තරයෙන් උසස්වීම්

කාන්තා ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් ලෝක විස්සයි-20 පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 14 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී  ලංකා නායිකා චමරි අතපත්තුට හැකිව තිබේ. ඒ අනුව මෙම තරගාවලියේදී වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන් අතර සිවුවැනි ස්ථානයේ…

වසර 4කට පසු ශ්‍රී ලංකා-කොදෙව් විස්සයි20න් අද හැප්පෙයි

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග 2කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (4) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රි 7.00ට පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විස්සයි20 තරග සඳහා හඳුන්වාදෙන නව නිල ඇඳුම…

වසර 15ක අපරාජිත වාර්තාව ලංකාව රැකගනී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැති තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමග පුර්ණ…

චමරිගේ උත්සාහය අපතේ යයි

සොෆී ඬේවින්ගේ (නොදැවී 75) වේගවත් පිතිහරඹය හමුවේ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඕස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය 22 වැනිදා සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හඹාගිය…

දිල්ශාන් , මුරලි ,වාස්, කළු, අජන්ත යලි ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටිය දෙවනත් කරන්න සුදානම්

“Road Safety ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය” සඳහා මේ වන විට මුළු මහත් ක්‍රිකට් ලෝකයම අවධානයෙන් ඉන්න කරුණක්. ක්‍රිකට් පුරාවෘත්තයින් රැසක් ඒකරාශී කර ගනිමින් දියත් කෙරෙන මෙම තරගාවලියේ මූලික අරමුණ වන්නේ මාර්ග නීති රිතී පිළිපැඳීම මඟින් රිය අනතුරු අවම කර ගැනීමත්…

ක්‍රීඩකයන් 5කට කෝටි 2.5කට වැඩි ශිෂ්‍යත්ව

ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ අපේක්ෂාවෙන් මලල ක්‍රීඩා, බර ඉසිලීම, ජූඩෝ හා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5කට රුපියල් කෝටි දෙකහමාරකට අධික ශිෂ්‍යත්ව මුදලක් ප්‍රදානය වෙයි. වසර 2017දී ආරම්භ වූ මේ ගෙවීම ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන මේ වසරේ අගෝස්තු මාසය දක්වා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ…

ඔලිම්පික් යන පිහිනුම් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ධජය තහනම්

ජල ක්‍රීඩා ජාත්‍යන්තර තහනම තවමත් ක්‍රියාත්මකයි ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට පනවා ඇති ජාත්‍යන්තර තහනම තවමත් ක්‍රියාත්මක බැවින් මේ වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට පිහිනුම් ක්‍රීඩාවෙන් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක සහභාගී වන්නේ නම් ශ්‍රී ලංකා ධජය යටතේ සහභාගීවීමේ අවස්ථා අහිමි වෙයි. ඔලිම්පික්…

ක්‍රිකට් යොවුන් ලෝක කුසලානය: බංගලාදේශය ලෝක ශූර ඉන්දියාව පරදවයි

දකුණු අප්‍රිකාවේ පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත් කරමින්. තරගය අතරතුර වර්ෂාවෙන් බාධා එල්ලවූ නිසාවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය…

ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ට පුහුණුවක් දෙන්න ටොම් මූඩි එයි

රී  ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පුහුණු වන පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා හිටපු ශ්‍රී  ලංකා ජාතික පුහුණුකරුවකු වන ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි සමඟ ක්‍රිකට් ආයතනය ගිවිසුමකට එළැඹී ඇති බව වාර්තා වේ.  ඒ අනුව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පුහුණු වන පුහුණුකරුවන්…

ලෝක කායවර්ධන ශූරතාවලිය ශ්‍රී ලංකාවට අහිමිවන ලකුණු

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ පරිපාලනය භාර නිලධාරී මණ්ඩලයක් හෝ අතුරු පාලක කමිටුවක් නොමැතිවීමෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කායවර්ධන ශූරතාවලිය අහිමිවන තත්ත්වයක් උදාවෙයි. රටවල් 72කින් ක්‍රීඩකයන් 765ක් පමණ සහභාගීවන ලෝක කායවර්ධන ශූරතාවලිය වැනි දැවැන්ත තරගාවලියක් රටකට ලබා ගැනීම පවා අපහසුවී…

කෝලි වරද පිළිගනී – ඉන්දියාවට ICC යෙන් දඩ

නවසීලන්තය සමග නිමා වූ සිව්වන T20 ක්‍රිකට් තරගයේ දි නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන් ICCය විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කර තිබෙනවා. පන්දුවාර දෙකක් නියමිත කාලය අවසන් වන විට යැවීමට ඉන්දියාවට නොහැකි වී ඇති බවටයි චෝදනා…

2015 වසරට පෙර දැක්වූ දස්කම් දැන් බලාපොරොත්තු වෙන්න එපා – සංගා කියයි

එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ 2019 වසරේ ශූරතාව දිනා ගත් එසෙක්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සාම්ප්‍රදායික සිවුදින ක්‍රිකට් තරගය එළැඹෙන මාර්තු මාසයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එම තරගයේදී මාලිබෝන් ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම…

ලංකා පළමු ඉනිම බිඳ දැමු සිම්බාබ්වේ කණ්ඩායම දෙවන ඉනිම ගොඩනැගීමේ තියුණු සටනක

ශ්‍රී  ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (29දා) තේ පානය සඳහා තරගය නතර කරන අවස්ථාව වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 293කට සීමා කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දඟ පන්දු…

පැසිපන්දු ක්‍රීඩක කෝබේ සහ දියණිය ජිවිතක්ෂයට

හෙලිකොප්ටර් යානා අනතුරකින් අමෙරිකානු ජාතික පැසිපන්දු ක්‍රීඩකයෙක් වන කෝබේ බ්‍රයන්ට් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් යානයේ ගමන් ගත් පුද්ගලයන් නවදෙනාම මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරෙන් මියයන විට කෝබේ බ්‍රයන්ට් 41 වන වියේ පසු වූ අතර එක්සත් ජනපදයේ…

ලෝකයේ වේගවත්ම පන්දු යැවීම මතීෂ පතිරණගෙන්

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලෝක වාර්තාගත පන්දු යැවීමක් සටහන් කිරීමට ශ්‍රී ලංකා යොවුන් පිලේ වේග පන්දු යවන ක්‍රීඩක 17 හැවිරිදි මතීෂ පතිරණ සමත් විය. පෙරේදා ඉන්දීය යොවුන් පිල සමඟ බ්ලූම්ෆොන්ටන්හිදී හිදී පැවැති තරගයේදී පැයට…

යෞවනයේ ක්‍රිකට් වසන්තය අද ඇරැඹේ

ශ්‍රී ලංකාව 19දා ඉන්දියාව සමග සටනේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 13 වැනි වරට සංවිධාන කරන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (17) දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්රූම් දී ආරම්භ වෙයි. ලබන මස 9 වැනිදා දක්වා පැවැත්වෙන මේ තරගාවලියට තරග 48ක් ඇතුළත්…

ඇන්ඩර්සන්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු

මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී  ලංකා ටෙස්ට් තරග සංචාරය එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් හට අහිමි වනු ඇති බව වාර්තා වේ.  මේ දිනවල දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ශ්‍රී  ලංකා…

2019 වර්ෂය වෙනුවෙන් කුසල්ට ඉහලම ගෞරවයක්

2019 වර්ෂයේ ලොව හොඳම ටෙස්ට් ඉනිම තේරීම වෙනුවෙන් ලොව ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවියක් විසින් පවත්වන තරගයේ පෙරමුණ ගැනීමට ශ්‍රී  ලංකා මැදපෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්ව ඇති බව වාර්තා වේ. 2019 වසරේ ශ්‍රී  ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේදී ඩර්බන්හි පැවැති…

නායකත්වය ගැන මාලිංග කිව්ව අමුතු කතාව මෙන්න

සංචාරක ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්්ඩායම සහ ඉන්දියාව අතර පැවැති තුන්වැනි විස්සයි-20 තරගයෙන්ද ලකුණු 78ක පරාජයක් ලැබීමට ශ්‍රී  ලංකා කණ්ඩායමට සිදුවූයේ ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ නොකඩවා ලැබූ 5 වැනි තරගාවලි පරාජයද සටහන් කරමිනි. කෙසේ වෙතත් ලසිත් මාලිංග විස්සයි-20 ජාත්‍යන්තර තරග 22කදී…

ශ්‍රී ලංකා-ඉන්දියා පළමු විස්සයි-20 තරගය අනිද්දා

තරග 3කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම වෙනුවෙන් ශ්‍රී  ලංකා විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම ඊයේ (2දා) අලුයම ඉන්දියාව බලා පිටතව ගියේය. ඒ අනුව මෙම තරගාවලියේ පළමු තරගය මෙම මස 5 වැනිදා ග්වාතිහි බර්සප්රා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට නැවුම් වෙනසක්අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් කිරුළ හලාවත මේරියන්ස් දිනාගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කළ අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ෂෙහාන් ජයසූරියගේ නායකත්වයෙන් යුත් හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය ඊයේ සමත් වූයේ එස්.එස්.සී පිටියේ පැවැති අවසන් තරගයේදී ඇන්ජලෝ පෙරේරා මෙහෙයවූ එන්.සී.සී ක්‍රීඩා සමාජය ලකුණු 91කින් පරාජයට පත්…

බුම්රා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගාවලියට සූදානම්ලු

ආබාධ තත්ත්වයෙන් සුවය ලැබීමෙන් අනතුරුව ශ්‍රී  ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීම සඳහා ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා මේ වන විට පැවැත්වෙන ඉන්දීය දේශීය ක්‍රිකට් තරගාවලියෙන්ද ඉවත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව…

ජයග්‍රහණයේ බර කරටගත් ඕෂදට, පකිස්තානයෙන් ලැබුණු පුදුම හිතෙන දේ මෙන්න

ශ්‍රී  ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ  කරච්චි ජාතික ක්‍රීඩා පිටියේ පැවැත්වෙන දෙවැනි තරගයේදී පාකිස්තානයෙන් එල්ල වූ ලකුණු 476ක දැවැන්ත ඉලක්කයක් පසුපස හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි දිනය වන ඊයේ (22දා) තරගය නතර කරන…

ශ්‍රී ලංකාව සමඟ පාකිස්තානය කරට කර හැප්පෙයි

සංචාරක ශ්‍රී ලංකා පිල හා පාකිස්තානය අතර කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ඕවර් 19කදී කඩුලු 3කට ලකුණු 64ක් ලබා සිටියි. පාකිස්තානය ඕවර් 59. 3කදී සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 191ට පිළිතුරු…

මගේ පිත්ත ඕනෑම තැනක වැඩකරනවා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඕනෑම ස්ථානයක පන්දුවට පහරදීමට සූදානම් බව පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශතකයක් වාර්තා කළ ධනංජය ද සිල්වා පවසයි. කණ්ඩායමේ අවශ්‍යතාව අනුව අංක 6 පිතිකරු ලෙස පිටියට පැමිණියද මෙයට පෙර අංක තුනේ සිට අංක 9 දක්වා සෑම…

ඊයේ තරඟයේ දී කසුන් දැඩිව ආබාධයට ලක්වෙයි – කකුලේ මස් පිඬු ඉරීයයි

පාකිස්තානය සමඟ රාවල්පිණ්ඩි නුවර පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කසුන් රජිත ආබාධයකට ලක්ව තිබෙන බව වාර්තා වනවා. මේ අනුව එළඹෙන  19 වැනිදා කරච්චිහිදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට ඔහු ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක…

දසුන් ශානක බී.පී.එල්. පිටිය දෙවනත් කරයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (බී.පී.එල්.) පසුගියදා ආරම්භ වූ අතර, ආරම්භක දිනයේ පැවැති දෙවැනි තරගයේදී දසුන් ශානකගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 105ක දැවැන්ත ජයග්‍රහණයකට හිමිකම් කීමට කොමිලා වොරියර්ස් පිලට හැකිවිය. ඩකා නුවර ශරේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට්…

උෂ්ණත්වය නිසා ලංකාව විශාල අභියෝගයක – ලකුණු 300ත් අපහසු ඉලක්කයක්

වසර 10කට පසු පාකිස්තානයට ටෙස්ට් වසන්තය උදාකර දෙමින් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඊයේ (11දා) ආරම්භ වූ පළමු තරගයේ පළමු ඉනිමට ලකුණු රැස්කරන ශ්‍රී ලංකා කණ්ඩායම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 5කට ලකුණු 202ක් ලබා සිටිනවා….

පළමු වරට ලංකාවට ලකුණු 173ක විශිෂ්ඨ ජයක්

13 වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී  ලංකා කාන්තා කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම සමඟ පැවැති ඊයේ (4දා) තරගයෙන් ලකුණු 249ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී  ලංකා කණ්ඩායම සමත් වෙද්දී භූතානය සමඟ පැවැති තරගයෙන් ලකුණු 173ක ජයක් හිමිකර ගැනීමට…

මාලිංග ,තිසර, දිමුත්, කුසල් හට ලැබුණ දේ

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී කාන්තා අංශය යටතේ සම්මාන 4 ක් දිනා ගැනීමට චමරි අතපත්තු සමත් වද්දී පිරිමි අංශය යටතේ ලසිත්…