Archive

Category: Lifestyle

පොල් මිල පාලනයට අගමැතිගෙන් උපදෙස්

ඉහළ යන පොල් මිල පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම හා පොල් වගා කිරීමේ මණ්ඩලය ඒකාබද්ධව සතොස ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් සහන මිලට…

උපාධිධාරීන්ට රැකියා දීම ජනපතිවරණ පොරොන්දුවක්

මැතිවරණයක් ඉලක්ක කර ක්‍රියාවට නැංවූවක් නොවේ රජය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙයි උපාධිධාරීන් 42,000කට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා වශයෙන් ජනතාවට දුන් පොරොන්දුවක් ඉටුකිරිමක් මිස පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් ක්‍රියාවට නැංවූවක් නොවන බව…

කොරෝනා නිසා ආර්ථික වර්ධන වේගය පහතට

කොරෝනා වයිරසය ‘‘දරුණු තර්ජනයක්’’ බවත් මේ වසරේදී ආර්ථික වර්ධන වේගය පසුගිය වසරටත් වඩා අඩු වනු ඇති බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ඊයේ (4) ප්‍රකාශ කළාය. කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ බලපෑම නිසා මේ වසරේ ආර්ථික…

නව කොරෝනා වෛරසය රටවල් 60 ඉක්මවයි

මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයන් හමුවන රටවල් ප්‍රමාණය ඉහළ යෑම වාර්තා වෙයි අද තවත් රටවල් හයකින් නව කොරෝනා ආසාදිතයන් වාර්තා විය. ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් ගණන 60 ඉක්මවා ඇති අතර වාර්තා වී ඇති මරණ…

කොරෝනා ඇමෙරිකාවට – පළමු රෝගියා මියයයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ විසූ 50 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කරති. මෙය ඇමෙරිකාවේ පළමු කොරෝනා රෝගී මරණය බව වාර්තා වේ. මේ අතර අද නිව්යෝර්ක් නුවරින් පළමු රෝගියා වාර්තා වූ බව ද බලධාරීහු පවසති. රෝගියා 30 හැවිරිදි…

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 310 ක් වහාම ගෙන්වයි

රජයේ රෝහල්වල හිඟයක් ඇතිවිය හැකි අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 310 ක් හිදිසි මිලදී ගැනීම් යටතේ කඩිනමින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා සෞඛ්‍ය අනුමැතිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙම අත්‍යාවශ්‍ය…

ලෝකය වංසගත තත්වයකට සූදානම් විය යුතුයි

කොවිඩ් 19 වෛරසය නිසා ලෝකය වංසගතයකට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වසංගත තත්වයක් තවමත් උදා වී නැතත් ඊට සූදානම් වී සිටිය යුතු බව එම සංවිධානය සදහන් කරයි. මෙම වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වන රෝගයක් නිසා හා එය ලෝකයේ රටවල්…

විශ්ව විද්‍යාල සිදු කරන පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුවට

ඉතිහාසයේ පළමු වරට විශ්ව විද්‍යාල හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුව වෙත ලබාදීමේ එකඟතා ගිවිසුමකට අත්සන් කිරීම ඊයේ (24) පාර්ලිමේන්තුවේදි සිදු විය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්…

වයිරසයෙන් මිය ගිය ගණන 2400 ඉක්මවයි

කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 2400 ඉක්මවා ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි. වයිරසය ආසාදනය වූ පිරිස 80,000ක පමණ වන බවද වාර්තා වේ. මේවනවිට වයිරසය ආසාදනය වීමෙන් ඉතාලියේ තිදෙනෙකු මිය ගොස් ඇත. ඉරානයේ 8දෙනෙකු මිය ගොස් ඇති අතර ප්‍රදේශ 14ක පාසල්,…

ඩයමන්ඩ් ප්‍රින්සස් නැවේ ඉන්න ලංකාවේ දෙන්නාට කොරෝනා නැහැ, ඔවුන් හොඳින් මව්බිම දැන්

ඩයමන්ඩ් ප්‍රින්සස්’ නොහොත් ‘දියමන්ති කුමරිය’ නෞකාවේ සිටින ශ්‍රී ලංකා කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ…

කොරෝනා නිසා චීනය මුදල් නෝට්ටුවට කරන දේ!

‘කොවිඩ්-19’ යන නිල නමින් හැඳින්වෙන නව කොරෝනා වයිරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා චීනය දිනෙන් දින අලුත් පියවර අනුගමනය කරමින් සිටියි.  එවැනි අලුත් උපායක් ගැන පසුගිය සෙනසුරාදා ද මාධ්‍ය ඔස්සේ අනාවරණය විය.  එයින් කියැවුණේ එරට සංසරණය වන මුදල් නෝට්ටු පවා විෂ…

වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව හමුදා කඳවුරෙන් පිටවෙයි

චීනයේ වූහාන් හි සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රි ලාංකිකයින් 33දෙනා එම මධ්‍යස්ථානයෙන් යුද හමුදා මූලස්ථානය වෙත පිටත්ව ඇත. යුද හමුදාවේ මැදිහත් වීමෙන් එම පිරිස රැගත් බස් රථය පෙරවරු 10.00ට පමණ දියතලාව හමුදා කඳවුරෙන් පිටත්…

ආසියා ශාන්තිකර කලාපීය පෝස්ටර් තරගයෙන් පළමු තැන ලංකාවට

ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය මඟින් පැවැත්වූ චිත්‍ර හා පෝස්ටර් තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව ආතර් සී ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි. මෙවර තරඟය ජපානයේ නගෝයා නගරයෙහි පැවැති අතර මේ…

ඌව පළාතේ නව ඖෂධ උද්‍යානයක් ආරම්භ කෙරෙයි

ඌව පළාතේ නව ඖෂධ උද්‍යානයක් ආරම්භ කරමින් එහි පැළ රෝපනය කිරීම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිරි මහතා හා පළාත් ආයුර්වේද කොමසාරිස් පී.ඩබ්. දිසානායක මහතා ඇතුළු නිලධාරින් අතින් අද ( 10) දින සිදුවිය. බඩල්කුඹුර මීගහගොම්මන ප‍්‍රදේශයේ අක්කර 15ක පමණ ප්‍රදේශයක…

පැය 24 පුරා නොනිඳා දින 10ක් “කොරෝනා” රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා හෘදයාබාධයකින් මියයයි

කොරෝනා වෛරසය නිසා බොහෝ දෙනෙකු රෝගී වී මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ වගේම දිනෙන් දින එහි මරණ සංඛ්‍යාවත් වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ අතරේදී මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් මිය ගිය වෛද්‍යවරයෙකු ගැන විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා. සෝන්ග් යින්ජි කියන…

අලුත් වෛරසයට නමක් දීමේ සූදානමක්

චීනයෙන් මතු වූ කොරෝනාවෛරසය නමින් අප දන්නා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 490 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. චීනයේ පමණක් තවත් පුද්ගලයින් 24,000කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. එහෙත්, මෙම රෝගී තත්ත්වයට හෝ වෛරසයට මෙතෙක් නිසි…

කොරෝනා මඬින නව ඖෂධයක් වෛද්‍ය වසන්ත වික්‍රමාරච්චි සොයාගනී

කොරෝනා වෛරසය පාලනය සඳහා ආයුර්වේදයෙන් නව ඖෂධයක් සොයා ගැනීමට ආණමඩුව ගල්ලෑව සුව පියසේ පාරම්පරික වෛද්‍ය වසන්ත වික්‍රමාරච්චි මහතා සමත්ව තිබේ. නව ආයුර්වේද ඖෂධය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත…

කොරෝනා මරණ ගණන තවත් ඉහලට

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 492ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම වෛරසය ආසාදිත සංඛ්‍යාව 23,500 ඉක්මවා ගොස් ඇති බවය. එමෙන්ම ඊයේ (04) දිනයට පමණක් නව රෝගීන් 3156 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ගතවූ පැය 24…

කොරෝනා ගැන බොරු බිය එපා

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර කොරෝනා පරී­ක්ෂණ ලංකාවේ පුළු­වනි අයි.ඩී.එච්. රෝහලේ සේවක විරෝ­ධය බොරු කතා­වක්  චීනයේ රෝගය  පැති­රෙ­න­කො­ටම ලංකාවේ අපි සූදා­නම් වුණා ලංකාවේ වෛර­සය පැති­රෙන බවට සාධක නැහැ රෝහල් කාර්ය මණ්ඩල කිසිම කෙනෙක් පසු­බට වෙලා…

රෝදපුටුවෙන් යාපනයේ සිට ගාලු යන ආබාධිත තරුණයින් තිදෙනාට වවුනියාවේ දී ලැබුණු උණුසුම් පිළිගැනීම

හැත්තෑ දෙවන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්  සිංහල දෙමළ හා මුස්ලිම් ආබාධිත තරුණයින් තුන්දෙනෙකු යාපනයේ සිට ගාලු මුවදොර පිටිය දක්වා ත්‍රයිසිකල් සවාරියක් පසුගිය (01)දා යාපනය බස් නැවතුම්පල ඉදිරිපිටින් ආරම්භ කරණු ලැබීණි. ජාතීන් අතර සහජීවනය වර්ධනය කරමින් ජාතික සමගිය පිළිබිඹු කිරීමේ අරමුණින්…

වී: සහතික මිල ව්‍යාජයක්

රජය විසින් සහතික මිලක් ලබා දී වී මිලදී ගන්නා බව ගෙවී ගිය සතිය තුළ ප්‍රකාශ කර තිබුණි. ඒ වී කිලෝග්‍රෑමයක් රුපියල් පනහක මුදලකටය. මෑත ඉතිහාසය තුළ රුපියල් පනහට වී මිල දී ගන්නා බව රජයක් විසින් පැවසූ තෙවන අවස්ථාව මෙයයි. 2014…

චීනයට නොගිය ඉලිනොයි වැසියෙකුටත් කොරෝනා වැළඳේ

චීනයෙන් ව්‍යාප්තිය ඇරඹුණ නව කොරෝනා වයිරසය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පළමුවරට පුද්ගලයකුගෙන් වෙනත් පුද්ගලයකුට ආසාදනය වී ඇතැයි ඉලිනොයි මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ස්ගෝසි එසිකේ පවසයි. චීනයේ වූහාන් පළාතේ සංචාරයක් නිමවා ජනවාරි 13 වැනිදා ආපසු පැමිණි චිකාගෝ කාන්තාවකගෙන් එසේ වයිරසය…

කොරෝනා වයිරසයෙන් 360ක් මිය ගිහින් – 17,205කට ආසාධිතයි

චීනයේ ව්‍යාප්තව ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 360 දක්වා ඉහළ ගොස් තිබේ. එසේම පුද්ගලයන් 17,205කට අසාධිත වී තිබේ. නව ආසාධිතයන් 2,829ක් දක්වා වර්ධනය වීමත් සමඟ මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව නිල පුවත් වාර්තාවක් ඇසුරින්…

යූ.එල්. 1423 කාර්ය මණ්ඩලයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රණාමය

චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වෙමින් ඔවුන් කැඳවාගෙන ඒමට ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය කෘතඥතාව පළකර සිටී….

කොරෝනා වෛරසයට එන්නතක් හොයන්න ජැක් මා ගෙන් ඩොලර් මිලියන 14ක්

චීන කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට හැකි එන්නතක් සොයා ගැනීම සඳහා ‘අලිබබා’ ව්‍යාපාරයේ නිර්මාතෘ ජැක් මා ඩොලර් මිලියන 14ක මුදලක් ලබා දී ඇතැයි වාර්තා වනවා. ජැක් මා දැනට චීනයේ සිටින ධනවත්ම පුද්ගලයා වන අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 41.8 වන…

රටවල් රැසක වැසියන් වුහාන් නගරයෙන් ඉවත් කර ගනී

රටවල් 18කට කොරෝනා පැතිරෙයි අමෙරිකාව, ජපානය, යුරෝපා සංගමය, දකුණු කොරියාව ඇතුළු රටවල් රැසක් තම රටවැසියන් චීනයේ වුහාන් නගරයෙන් ඉවත් කිරීම ආරම්භ කරයි. ඒ අනුව අමෙරිකා රාජත්‍රාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැගත් ගුවන් යානය වුහාන් නගරයෙන් පිටත් වූ බව සඳහන්ය. එක්සත්…

කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ගෙබ්රියේසස් නිවේදනයේ කළේ චීනය තුළ පවතින තත්ත්වය නොව වෙනත් රටවලට කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. දුර්වල…

කොරෝනා වෛරසයෙන් 213ක් මිය ගිහින් -10,000කට ආසාධිතයි

නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 213 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.  එසේම වෛරසයෙන් ආසාධිත වූ සංඛ්‍යාව 10,000කි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේවනවිය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් හදිසි ආපදා තත්වයක් ප්‍රකාශ කර ඇත. ජිනීවාහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැවති රැස්වීමකදී එහි…

චීනයේ කොරෝනා වෛරසය දැඩි වුහාන් ප්‍රදේශයේ සිට ලංකාවේ පදිංචි තරුණයෙකු V Chat තාක්ෂණය ඔස්සේ මාධ්‍යයට කතා කරයි

හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිව සිට රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර දැනට අචාර්යය උපාධිය හැදැරිම සදහා චීනයේ වුහාන් ප්‍රදේශයේ රැදි සිටන ප්‍රගිත් රොෂාන් විරතුංග මහතා වි.චැට් තාක්ෂණය ඔස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ දැඩි අවදානම් කලාපයේ සිටින  ශ්‍රි ලාංකික…

චීනයේ පැය 48කින් රෝහලක් හදද්දී – දියතලාවෙත් පැය 48කින් රෝහලක්

කොරෝනා වයිරසය බහුල වශයෙන් පැතිර තිබෙන චීනයේ වූහාන් ප්‍රදේශයේ සිරවී සිටින ලාංකික සිසු සිසුවියන් පිරිස මෙරටට රැගෙනවිත් නිරීක්ෂණය කිරීම සඳහා දින දෙකක් ඇතුළත දියතලාව හමුදා කඳවුරු පරිශ්‍රයේ විශේෂිත වූ රෝහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට යුද හමුදාව තීරණය කර තිබේ.  විසබීජ පිටතට නොයන…