Archive

Category: Gossip

නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජිත දුන් බිලියන 7 රජයට පවරා ගන්නැයි ඉල්ලයි

යහපාලන ආණ්ඩුව සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට ලබාදුන් බව කියන රුපියල් බිලියන 7ක මහජන මුදල් යළි රජයට පවරා ගන්නා ලෙස වත්මන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය…

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට තිබු තහනම ඉවත් කරයි

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට පනවා තිබු තහනම ඉවත් කර ඇත. ඒ අනුව සිවිල් ගුවන් සේවා රේගුලාසි අනුව ක්‍රියාත්මක කළ හැකි වන පරිදි ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කළ හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි. උපුටා ගැනීම දිනමිණ පුවත්පත

නිවාස අධිකාරියේ කෝටි 33ක ගැහිල්ලක්

– මුද්‍රණාලයක් තිබියදී පෝස්ටර් ගහන්න පිටට දීලා – සේවක නිවාස-අබාධ ණය ලබාදී නෑ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පසුගිය වසරේ නිවාස ඉදිකිරීම සඳහා රුපියල් කෝටි තිස්තුනක් වැය කරමින් විශාල මුදල් අවභාවිතාවක් සිදු කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. නිවාස අධිකාරියේ එක් පුද්ලයකුගේ ඕනෑ එපාකම් මැද නිවාස ගම්මාන ඉදිකරන…

රන්ජන්ට ඇප නෑ

නීතිඥ මඬුල්ලේ ඉල්ලීම ඉවතට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ නිත්‍යනුකූලව නොවන අයුරින් බවත් ඒ අනුව ඔහු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා අද…

උදයංග වීරතුංග CID අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය. අද(14) උදෑසන කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන…

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව:අදාළ දත්තයන්ට ප්‍රවේශවීමට අවසර දෙන්නැයි දුරකථන සමාගම් තුනකට නියෝග

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අයුතු ලෙස සිරකර තබා ගැනීමේ අදහසින් පැහැරගෙන ගොස් ඔහුගේ මරණය සිදු කළ බවට වන නඩුවේ සාක්කි ලෙස පැමිණිල්ල ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන දුරකථන 10කට අදාළ දත්තයන්ට ප්‍රවේශවීම සඳහා විත්තියේ නීතිඥවරුනට අවසර ලබා දෙන ලෙසට ත්‍රිපුද්ගල විනිසුරු…

“කොරෝනා” වෛරසය අමෙරිකාවේ වැඩක් – ලොවම කළඹවමින් ඔත්තු සේවා අනාවරණය කරයි

චීනයේ ශක්තිය රඳා පවතින්නේ එහි ග්‍රාමීය ජනතාව මත බැවින්, චීනය තම දේශය අභිභවා යෑම වැළැක්වීම පිණිස එරට අඩපණ කිරීම සඳහා නව කොරෝනා වෛරසය වුහාන් පළාතට මුදා හැරියේ ඇමෙරිකාව යැයි රුසියානු ඔත්තු සේවා ට්‍රම්ප් පරිපාලනයට චෝදනා නඟමින් ප්‍රකාශ කර ඇත. මෙම…

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ඇප

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  මහචතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. කොළඹ මහාධිකරණය විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියම කළේය. තමන්ව ඇපමත මුදා…

11 දෙනාගේ නඩුව ගැන නීතිපතිගේ ස්ථාවරයෙන් ජනපති කොමිසම නිහඬ කර දමයි

දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනාධිපති කොමිසම, පරීක්ෂණ කොමිසමක් බවද, ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇති නීතිපතිට, නියෝග දීමට එවැන්නකට කිසිදු නෛතික හා ව්‍යවස්ථාමය බලයක් නැතැයි, නීතිපති දප්පුල ලිවේරා සිය ස්ථාවරය දැන්වීමත් සමග එම කොමිසම ඊට කිසිදු පිළිතුරක් ලබාදී නැත. විශේෂයෙන් 11 දෙනකු…

යූ.එල්. 1423 කාර්ය මණ්ඩලයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රණාමය

චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වෙමින් ඔවුන් කැඳවාගෙන ඒමට ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය කෘතඥතාව පළකර සිටී….

“කොරෝනා” නිසා වරාය අනතුරේ

ශ්‍රී  ලංකා වරාය භූමියට ඇතුළු වන සේවාදායකයන්ට කොරෝනා වයිරසයෙන් මිදීමට මේ වන තෙක් නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැති බවත් වහාම කොළඹ, ත්‍රිකුණාමලය හා ගාල්ල වරාය භූමිය සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් බවට පත් කළ යුතු බවත් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ආණ්ඩුවට…

බ්‍රිතාන්‍යයෙන් චීනයේ කොරෝනා වෛරසයට විරුද්ධව සැර තීරණයක් – ගුවන් ගමන් නවත්වයි

චීනය සමග පවතින සියලු ගුවන් ගමන් අත්හිටුවීමට බ්‍රිතාන්‍ය ගුවන් සේවය තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසය කිසිසේත් සිය රටට පැමිණීම වැලැක්වීම සඳහායි.  උපුටා ගැනීම මව්බිම පුවත්පත

වාස්ට බන්ධනාගාර නිලධාරින් පහර දුන්නැයි පැමිණිල්ලක්

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් ජිවිතාන්තය දක්වා සිරදඬුවම් විදින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට බන්ධනාගාර නිලධාරීන් පහරදුන් බව ලිඛිත පැමිණිල්ලක් කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට කළ ලිපිය හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ වන ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය…

රන්ජන්ගේ දුරකතන හඬපට වල පිටපත් අද පොලිසියට

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා  සතුව තිබූ  ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත්  හඬපට ප්‍රමාණය විශ්ලේෂණ කිරීම සඳහා එම හඬපට වල පිටපත් අද (30) පොලිසිය වෙත ලබා දීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථානය කියයි. මෙම හඬපට පිටපත් කිරීම සඳහා  සිංගප්පූරුවෙන්…

නිදහස් දිනය වෙනුවෙන් සුරාසැල් වැසෙයි

2020 ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් වසා තැබීමට නියෝග කල බව සුරාබදු දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත්තේ, ඒ අනුව 2020 පෙබරවාරී මස 04 වන දින මෙය ක්‍රියාත්මක බවයි. එමෙන්ම නීති විරෝධී මත්පැන් හා…

ලබන මාසයේ සිට විදුලි කප්පාදුවක් ?

ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදීම නතර කිරීමත් නියඟය උත්සන්න වීමත් නිසා ලබන මස අග සිට විදුලිය කපා හැරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉන්ජිනේරුවෝ අනතුරු අඟවනවා. මේ වනවිට පවතින දැඩි උෂ්ණත්වය නිසා දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 450 සිට මෙගාවොට්…

GSP+ – 2023 දක්වා දීර්ඝ කරලා නැහැ ; ඒක බොරුවක්

ජීඑස්පී ප්ලස් (GSP+)  බදු සහනය 2023 දක්වා දීර්ඝ කර ඇති බවට ආණ්ඩුව පැවැසුවද එවැනි දීර්ඝ කිරීමක් සිදුකර නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා පැවැසීය. යුරෝපා සංගමය මඟින් එවැනි දීර්ඝ කිරීමක් සිදුකර ඇතැයි ආණ්ඩුව පැවැසුවද, මෙහිදී සිදුව…

ලක් නාමය ඔසවා තැබූ 200 වැනි පැරෂුට් පිම්ම

යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න සිය 200 වැනි පැරෂුට් පිම්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සාර්ථකව අවසන් කළේය. පැරෂුට් වාර 200 සම්පූර්ණ කළ දකුණු ආසියාවේ එකම හමුදා උසස් නිලධාරියා ලෙස මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න ඉතිහාසයට එක් වීම විශේෂත්වයක්. අඩි 14.500 ක්…

එක්නැළිගොඩ අතුරුදහන් කළේ චම්පික- අජිත් ප්‍රසන්නගෙන් පැය 3ක ප්‍රකාශයක්

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට චම්පික රණවක මහතා වගකිව යුතු බව සඳහන් කරමින් තමා පැය 3කට ආසන්න කාලයක් ඊයේ (02දා) කොළඹ අපරාධ කොට්ඨාසයට කටඋත්තරයක් ලබාදුන් බව ‘මවුබිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ සම කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ‘මව්බිම’ට පැවැසීය. ඊට…

බොබ් මාලේගේ කටු­ගෙය

කුඩා සන්දියේ සිට අප හොඳින් දන්නා ලිපිනයක් තිබුණි. ඒ අපේ නි‍ෙවසේ ලිපිනයයි. තවත් කාලයක් යන විට අපූරු පුද්ගල චරිතයක් අපේ මනස හා සම්බන්ධ වීම නිසා එකී ලිපිනය ජීවිතයේ කවරදාකවත් බැහැර නොයන සේ සිත්හි ලැගුම් ගන්නට වූවාය. ඒ, ආතර් කොනන් ඩොයිල්…

ශ්‍රී ලංකාව දියුණුව කරා ගෙනයන්න කැපවෙමු

විසිඑක් වැනි සියවසේ තුන්වැනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට පත්කර ගැනීමට කැපවීමට කටයුතු කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නව වසරට සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. නව වසරේ උදාවත් සමඟ අපි 21 වැනි ශත වර්ෂයේ…

ජන හදවත්වල නැවුම් සිතුවිලි ඇතිවේවා

නව වසර උදාවත් සමඟ ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනගන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ පහසු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කරනුයේ නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමිනි….

සිඩ්නි නගරයේ ගිනි කෙළි සංදර්ශන අවලංගු කරන්නැයි පෙත්සමක්

(ක්‍රිසන්ති විතාරණ) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ නව වසර උදාව වෙනුවෙන් පැවැත්වෙන ගිනි කෙළි සංදර්ශනය අවලංගු කර ඊට වැය කරන මුදල ලැව්ගිනි පාලනය සඳහා යොදවන ලෙස ඉල්ලමින් අත්සන් ලක්ෂ ගණනක් යෙදූ පෙත්සමකින් සිඩිනි ජනතාව ඉල්ලා සිටියි.  මෙම පෙත්සම්කරුවන් පවසන්නේ පසු ගිය වසරේ…

නව මුහුණුවරකින් 2020 පිළිගැනීමට බිග් බෙන් සූදානම්

(ක්‍රිසන්ති විතාරණ) ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා ඇති බ්‍රිතාන්‍යයේ බිග්බෙන් ඔරලෝසුව නව මුහුණුවරකින් හෙට (දෙසැම්බර් 31)  මධ්‍යම රාත්‍රියේ නාද කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් පසුගිය 29 වැනි දා සිට පෙරහුරු නාද කිරීම් සිදු කළ බව සඳහන්ය.  හෙට පස්වරු 12.00, 4.00, 9.00,…

කන්ටේනර් දෙස වෛරයෙන් නොව සෙනෙහසින් බැලිය යුතු කාලයක්

බහාලුම් ප්‍රවාහනය කරන වාහන දෙස බලන්නේ කැමැත්තකින් නොවේ. මහ පාරේ ධාවනය වන බහාලුම් එනම් කන්ටේනර් මහා හිරිහැරයක් සේ ජනතාව පොදුවේ කල්පනා කරන බව නිරීක්ෂණය කළ හැකිය. බහාලුම් තුළ රටට ගෙන්වන දේ තිබේ. නොඑසේනම් රටින් අපනයනය කරන දේ ඇත. මෙම දෙපැත්තම…

වන අලි පන්නන්න ශබ්ද තරංග

ශබ්ද තරංගයක් මගින් වන අලි පලවා හැරීම සඳහා උපකරණයක් අනුරාධපුර ඉංජිනේරුවරයෙකු විසින් නිපදවා තිබේ. ඔහු අනුරාධපුර ඔයාමඩුව,බුත්තල පදිංචි කරුවෙකු වන මනතුංග දිප්ති ජිවකාන්ත ද සිල්වා (42) නැමති ගුවන්යානා සහ  විදුලි දුම්රිය ඉංජිනේරුවරයෙකි.මේ වන විට සිල්වා මහතා ඩුබායි රටේ සේවයේ නිරතව…

සූර්යග්‍රහණය අපට පෙනුණු හැටි

ශ්‍රී ලංකාවාසීන්ට වළයාකාර සූර්යග්‍රහණයක් ඊයේ (26) දැක ගැනීමට හැකිවිය. සෞදි අරාබියෙන් ආරම්භ වූ මෙම සූර්යග්‍රහණය පෙරවරු 8.09ට ශ්‍රී ලංකාවට ඇතුළු වූයේ ඩෙල්ෆ් දූපතෙනි. පෙරවරු 11.26 දක්වා මෙය පැවැති අතර එහි වළයාකාර අවස්ථාව ආරම්භ වූයේ පෙරවරු 9.34යි. එතැන් සිට පෙරවරු 9.38…

සුරා­බදු වැට­ලීම් 43,013කින් රු. ලක්ෂ 1685ක දඩ

මේ වසරේ නොවැ­ම්බර් දක්වා සුරා­බදු ආඥා පනත යටතේ සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව සිදු කළ වැට­ලීම් 43,013කදී අධි­ක­ර­ණය මඟින් දඩ ලෙස රු. මිලි­යන 168.54ක මුද­ලක් අය කර­ගැ­නී­මට සමත්ව ඇතැයි නියෝජ්‍ය සුරා­බදු කොම­සා­රිස් කපිල කුමා­ර­සිංහ මහතා සඳ­හන් කර සිටි­යේය. සැක­ක­රු­වන් 42,979 දෙනකු සමඟ අත්අ­ඩං­ගු­වට ගැනුණු…

ස්විස් සිද්ධියේ දී කටයුතු කළ අයුරු ජාත්‍යන්තර සම්මතයට අනුකූලයි

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීය නිලධාරිනිය හා සම්බන්ධ සිද්ධිය වාර්තා වූ දිනයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම දක්වා කාලයේ ගෙන ඇති සියලු පියවර ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව සිදුකර ඇති බව විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා දුරකතනය ඔස්සේ ස්විට්සර්ලන්ත විදේශ…

මාසයකට කෝටි 15 ක අතිකාල කළ හැටි සොයයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට සැප්තැම්බර්  මාසයේ අතීකාල දීමනා වශයෙන් කෝටි 15කට වඩා ගෙවා ඇති බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට අද (19) දැනුම් දුන්නේ ය….