Archive

Category: Breaking news

කොරෝනා බියෙන් ඇපල් තැතිගනියි

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට සිදුවී ඇති බලපෑම මත සිය ජංගම දුරකථන වල ආදායම අඩුවනු ඇති බවට ඇපල් සමාගම පවසනවා.  මේ හේතුව නිසා නිෂ්පාදනයට සහ අලෙවියට බලපෑම් ඇති බවත්, “ලොව පුරා අයිෆෝන් සැපයුම තාවකාලිකව සීමා කරනු ඇති” බවත් එම සමාගම පවසනවා….

කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 1775ක් වෙයි

නව කොරෝනා වෛරසයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 1,775ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව 71,329ක් ලෙස වාර්තාවේ.   කෙසේ නමුත් කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තියේ අඩු වීමක් දක්නට ලැබෙන බව, වාර්තා වේ. වෛරසය පාලනය කිරීම සඳහා තවදුරටත් නීති ශක්තිමත්…

ඩයමන්ඩ් ප්‍රින්සස්‘ නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සුරක්ෂිතයි

ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් මගී නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ආරක්ෂිතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.   ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නෞකාව අයත් සමාගම සමග සමීපව ක්‍රියා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්…

ශවේන්ද්‍රට පැනවූ අමෙරිකා තහනම කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන්ට රජයේ විරෝධය

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අමෙරිකාවට ඇතුළුවීමට පැනවූ තහනම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බව රජය අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් හමුවේ රජය අවධාරණය කරයි.   මේ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයන් පිරිසක්…

නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජිත දුන් බිලියන 7 රජයට පවරා ගන්නැයි ඉල්ලයි

යහපාලන ආණ්ඩුව සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට ලබාදුන් බව කියන රුපියල් බිලියන 7ක මහජන මුදල් යළි රජයට පවරා ගන්නා ලෙස වත්මන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය…

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට තිබු තහනම ඉවත් කරයි

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට පනවා තිබු තහනම ඉවත් කර ඇත. ඒ අනුව සිවිල් ගුවන් සේවා රේගුලාසි අනුව ක්‍රියාත්මක කළ හැකි වන පරිදි ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කළ හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි. උපුටා ගැනීම දිනමිණ පුවත්පත

නිවාස අධිකාරියේ කෝටි 33ක ගැහිල්ලක්

– මුද්‍රණාලයක් තිබියදී පෝස්ටර් ගහන්න පිටට දීලා – සේවක නිවාස-අබාධ ණය ලබාදී නෑ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පසුගිය වසරේ නිවාස ඉදිකිරීම සඳහා රුපියල් කෝටි තිස්තුනක් වැය කරමින් විශාල මුදල් අවභාවිතාවක් සිදු කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. නිවාස අධිකාරියේ එක් පුද්ලයකුගේ ඕනෑ එපාකම් මැද නිවාස ගම්මාන ඉදිකරන…

නොරොච්චෝලෙ ගැටලු විසඳන්න ජනපති මැදිහත් වෙයි

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වෙයි. තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරීත්වය සිදුවිය යුතු බව පෙන්වා දෙන ජනාධිපතිවරයා ව්‍යාපෘතිය ඇරැඹීමේ දී එකඟ…

රන්ජන්ට ඇප නෑ

නීතිඥ මඬුල්ලේ ඉල්ලීම ඉවතට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ නිත්‍යනුකූලව නොවන අයුරින් බවත් ඒ අනුව ඔහු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා අද…

උදයංග වීරතුංග CID අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය. අද(14) උදෑසන කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන…

කොවිඩ් වෛරසය ජිවිතය 1486 ක් බිලි ගනී

රටවල් රැසකට පැතිරිගිය කොවිඩ් නයින්ටීන් රෝගයෙන් මියගිය සංඛ්‍යාව 1486 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර වෛරසය ව්‍යාප්තියේ සහ මරණ අනුපාතයේ සැළකිය යුතු වෙනසක් අද වන විට සිදුවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. රටවල් 28ක් ගොදුරු කරගත් කොවිඩ් නයින්ටීන්…

වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව හමුදා කඳවුරෙන් පිටවෙයි

චීනයේ වූහාන් හි සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රි ලාංකිකයින් 33දෙනා එම මධ්‍යස්ථානයෙන් යුද හමුදා මූලස්ථානය වෙත පිටත්ව ඇත. යුද හමුදාවේ මැදිහත් වීමෙන් එම පිරිස රැගත් බස් රථය පෙරවරු 10.00ට පමණ දියතලාව හමුදා කඳවුරෙන් පිටත්…

බදියුදීන් ගේ ගිණුමට ඩොලර් ලක්ෂයක් වැටිලා – විශේෂ හෙළිදරව්ව මෙන්න

ඉකුත් 2018 වසරේ දින 52 ආණ්ඩු කාලයේදී රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නමින් ඇමෙරිකාවේ පවත්වාගෙන යන බැංකු ගිණුමකට ශ්‍රී  ලංකාවෙන් ඩොලර් ලක්ෂයක මුදලක් බැර වී ඇති බවට තොරතුරු අනාවරණ වන බැවින් ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ…

රාජ්‍ය පොහොර සමාගම් දෙක මහජන බැංකුවට කෝටි 3500 ක් ණයයි

ආනයනික පොහොර සඳහා බිල්පත් පියවීම වෙනුවෙන් රාජ්‍ය පොහොර සමාගම් දෙක මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල රුපියල් කෝටි 3500ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි. ලංකා පොහොර සමාගම විසින් ගෙන්වන ලද පොහොර වෙනුවෙන් රුපියල් කෝටි 561ක මුදලක් ද…

නැවත බොඳ වූ ඉරාන සිහිනය

ඉරානය පසුගිය ඉරිදා බැලැස්ටික් මිසයිලයක් උපයෝගී කරගනිමින් එරට නිෂ්පාදිත චන්ද්‍රිකාවක් ගුවන් ගත කළ නමුත් එය අසාර්ථක වී ඇතැයි වාර්තා වනවා. එරට Semnan ප්‍රදේශයේ පිහිටි Imam Khomeini අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී දියත් කෙරුණු Zafar 1 චන්ද්‍රිකාවට නියමිත වේගය ලබා නොගැනීම…

උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහනේ අයැදුම්පත් භාරගැනීම පෙබ. 20 දක්වා දීර්ඝ කෙරේ

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ පෙබරවාරි 20 දක්වා අයැදුම්පත් භාරගැනීම දීර්ඝ කර තිබේ.  රැකියා අපේක්ෂකයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා…

“කොරෝනා” වෛරසය අමෙරිකාවේ වැඩක් – ලොවම කළඹවමින් ඔත්තු සේවා අනාවරණය කරයි

චීනයේ ශක්තිය රඳා පවතින්නේ එහි ග්‍රාමීය ජනතාව මත බැවින්, චීනය තම දේශය අභිභවා යෑම වැළැක්වීම පිණිස එරට අඩපණ කිරීම සඳහා නව කොරෝනා වෛරසය වුහාන් පළාතට මුදා හැරියේ ඇමෙරිකාව යැයි රුසියානු ඔත්තු සේවා ට්‍රම්ප් පරිපාලනයට චෝදනා නඟමින් ප්‍රකාශ කර ඇත. මෙම…

ශ්‍රී ලංකන් ලොක්කෝ කෝප් කමිටුව හමුවට

ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකන් සමාගමේ ප්‍රධානින් ලබන 19 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගනුදෙනු සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් පැවැත්වීමට අදහස් කර ඇති හෙයින් එහි මූලික පියවර ලෙස…

ආසියා ශාන්තිකර කලාපීය පෝස්ටර් තරගයෙන් පළමු තැන ලංකාවට

ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය මඟින් පැවැත්වූ චිත්‍ර හා පෝස්ටර් තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව ආතර් සී ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි. මෙවර තරඟය ජපානයේ නගෝයා නගරයෙහි පැවැති අතර මේ…

කඳුකර ප්‍රදේශයේ ගින්නෙන් අක්කර 150 ක පමණ හානි

කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ වන රොසැල්ල, බින්ඔය , වටවල ඉන්චාරා , කැරොලීනා, හා වේවැල් තලාව යන ප්‍රදේශ වල වූ වන රක්ෂිත, යුකැලිප්ටස් දැව වගා ,මානා හා ස්වාභාවික ශාක වලින් ගහන වු වන වගා හා රක්ෂිත වනාන්තර අක්කර 150 ට වැඩි…

පැය 24 පුරා නොනිඳා දින 10ක් “කොරෝනා” රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා හෘදයාබාධයකින් මියයයි

කොරෝනා වෛරසය නිසා බොහෝ දෙනෙකු රෝගී වී මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ වගේම දිනෙන් දින එහි මරණ සංඛ්‍යාවත් වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ අතරේදී මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් මිය ගිය වෛද්‍යවරයෙකු ගැන විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා. සෝන්ග් යින්ජි කියන…

රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික නිකුත් කිරීම රජයේ රෝහල් හරහා කිරීමට අලුත් වැඩක්

කන්කසන්තුර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවට වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කරනවා. අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඔහු පැවසුවා.  එහිදී වරායට යාබද අක්කර 50ක පමණ ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත…

කෘෂිකර්මාන්තය ‘ගොවිපොළ’ App එළිදක්වයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව්‍යකරණය කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමේ වැඩසටහන (TAMAP) විසින් කෘෂිකර්මාන්තය සඳහා වෙළෙඳපොළක් සහ වෙළෙඳපොළ තොරතුරු පද්ධතියක් ලෙස දියුණු කරන ලද ‘ගොවිපොළ’ App පහසුකම දියත් කරයි. (TAMAP) මේ වැඩසටහන යුරෝපා සංගමයේ ප්‍රතිපාදන යටතේ Ecorys Nederland BV උපදේශන…

පුත්තලමේ රිෂාඩ් බෙදූ අක්: 327ක් රජයට

හිටපු ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතාගේ මැදිහත්වීමෙන් අත්පත්කරගෙන ඇතැයි කියනු ලබන මන්නාරමේ සහ පුත්තලමේ පිහිටි ඉඩම් අක්කර 3000 ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් කෙරෙන විමර්ශනයට අදාළව බදුයුර්දීන් මහතාට සම්බන්ධකම් ඇතැයි කියනු ලබන පුත්තලමේ පිහිටි ඉඩම් අක්කර…

හේමසිරිට පූජිත්ට කොන්දේසි සහිතව ඇප

පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම හා රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනිවාර්යය නිවාඩු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු…

තවත් ජනපතිවරණ පොරොන්දුවක් ඉටුවෙයි

අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් මාර්තුවේ සිට සහන මිලට අගමැති මැතිසබේදී කියයි අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ දහයක් සහනදායි මිලට ලබාදීම මාර්තු 01 දින සිට ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති…

අලුත් වෛරසයට නමක් දීමේ සූදානමක්

චීනයෙන් මතු වූ කොරෝනාවෛරසය නමින් අප දන්නා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 490 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. චීනයේ පමණක් තවත් පුද්ගලයින් 24,000කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. එහෙත්, මෙම රෝගී තත්ත්වයට හෝ වෛරසයට මෙතෙක් නිසි…

ලංවීමට ඉන්ධන දීමේ ණය සීමාව වැඩි කරයි

ලංකා විදුලි බල මණ්ඩලයට ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදීමේ ණය සීමාව රුපියල් කෝටි දසදහස දක්වා වැඩි කිරීමට කැබිණට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. ලංකා විදුලි බල මණ්ඩලය ඛණිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය මේ වනවිට රුපියල් කෝටි 8823 ක්…

සිරියාවේ තෙල්-ගෑස් නිධි 4කට රොකට් ප්‍රහාර

සිරියාවේ තෙල් සහ ගෑස් නිධි හතරකට රොකට් ප්‍රහාර එල්ල වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය වන ‘සානා’ පුවත් සේවය ඊයේ (4) වාර්තා කළේය. එම රොකට් ප්‍රහාරවලින් තෙල් සහ ගෑස් නිධි පිහිටි භූමියේ දේපළවලට හානි සිදු වී තිබෙන අතර ඇතැම් ඒවා…

දිනකට පැය 2ක් විදුලි විසන්ධි කිරීමේ තීරණය අවලංගුයි

හදිසි තත්ත්වයක් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ දිනකට පැය දෙකක කාලයක් විදුලි බලය විසන්ධි කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කළ බව ප්‍රවාහන කළමණාකරන විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ලංකාදීපයට ඊයේ (4) ප්‍රකාශ කළේය. ණය සීමාවන් ඉක්මවා යෑම…