චමරිට හා ශෂිකලාට ජාත්‍යන්තරයෙන් උසස්වීම්

Views: 89

කාන්තා ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් ලෝක විස්සයි-20 පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 14 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී  ලංකා නායිකා චමරි අතපත්තුට හැකිව තිබේ.

ඒ අනුව මෙම තරගාවලියේදී වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන චමරි අතපත්තු ජාත්‍යන්තර කාන්තා විස්සයි-20 පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම් සටහනේ 18 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබීම කැපීපෙනේ. ඇයට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 598කි. 

තවද මෙම තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ලෝක විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම් සටහනේ 9 වැනි ස්ථානය චමරිට හිමිව ඇති අතර තම අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශෂිකලා සිරිවර්ධනට තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 8 වැනි ස්ථානය හිමිව තිබීමද විශේෂත්වයකි. 

මේ අතර ශ්‍රී  ලංකාවට තරග 3-0ක ජයක් හිමිකර දෙමින් කොදෙව් කණ්ඩායම සමඟ පසුගියදා නිමාවූ එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් ලෝක තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම් සටහනේ ශ්‍රේණි ලකුණු 178ක් ලබා 24 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සමත්ව ඇත. එමෙන්ම මෙම තරගාවලියේදී සාර්ථක පිතිකරණයක යෙදුණු කුසල් මෙන්ඩිස් ද එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් අභිභවා යෑමද කැපී පෙනෙන සිදුවීමකි.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 202 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *