අලුත්ම Peugeot 508 රථය දැන් ශ්‍රී ලංකාවේ

Views: 225

Peugeot හදුන්වාදී ඇති නවතම Premium sports salon රථය වන Peugeot 508 මේ වනවිට ශ්‍රී ලංකාවට හදුන්වා දී තිබේ. සුවිශේෂී නිමාවක් සහ ඉහළම තලයේ විශේෂාංග හා පහසුකම් සහිත මේ නවතම රථය saloon-car කාණ්ඩයේ විප්ලවීය වෙනසක් ලෙස හැඳින්විය හැකිය. වසර 3ක පූර්ණ වගකීමක් සමඟ පරිපූර්ණ නඩත්තු පැකේජයක් සමඟින් නවතම Peugeot 508 රථය මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට දැන් අවස්ථාව උදාවී තිබේ. 

නව Peugeot 508 රථය සැලසුම් කර ඇත්තේ දුටු සැණින් සිත් ඇදගන්නා ආකාරයටය. Saloonද රථයක ප්‍රයෝගිකත්වයත්, Sporty coupe රථයක අලංකාරයත් එක්තැන් වන ආකාරයට, chrome checkerboard grille එකක් සහ full-LED headlights ඇතුළු අංග රාශියක් සමඟින් මෙය නිමවා තිබේ. ගතානුගතික Saloon රථවල හැඩතලවලින් මිදී, fastback නිමාවෙන් ආභාසය ලබමින් මෙම නව රථය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. 

වඩාත් පහතට සිටින සේ සැලසුම් කළ බොනට් එක, රාමු රහිත (Frameless) ‍දොරවල් සහ LED daytime running lights වැනි අංග නව රථයට සුවිශේෂී අනන්‍යතාවක් ගෙනෙයි. වෙළෙඳපොළේ වඩාත් ඉහළ තලයන් වෙත පිවිසීමට Peugeot සමාගම දරන උත්සාහයට මෙම රථය ඉතා හොඳ සාක්ෂියකි. යුරෝපීය මෝටර් රථ විලාසිතාවන් අනුව යමින් ඉතාමත් ආකර්ෂණීය ලෙස නිර්මාණය කර ඇති මෙම රථය වෙළෙඳපොළේ ඉහළ තලයේ වාහන අතර කැපීපෙනෙන රථයක් බවට පත්වනු නොඅනුමානය. 

Peugeot 508 රථයේ ඇතුළත i-Cockpit නිමාව වාහන අභ්‍යන්තරයන් සම්බන්ධයෙන් අප සතු සාම්ප්‍රදායික ආකල්ප වෙනස් කිරීමට සමත් වේ. අතිනවීනතම තාක්ෂණයන් හා සැලසුම් අනුව විස්තර දර්ශක සියල්ල යොදා ඇති අතර Compact multi-function sports-steering wheel, 8’ / 10’ HD touch screen එකක් සමඟ High-resolution 12.3’ digital screenඑකක් සහිත heads-up instrument cluster එකක්ද මීට යොදා තිබේ. 

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 4024 - Today Page Visits: 13
Comments: 0

Your email address will not be published. Required fields are marked with *