අමෙරිකාවේ ටොනෙඩෝවකින් 24ක් ජීවිතක්ෂයට

Views: 71

අමෙරිකාවට බලපෑ ටොනෙඩෝ තත්ත්වයකින් පුද්ගලයන් 24දෙනෙක් මියගොස් ඇත. තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.  අමෙරිකාවේ දකුණු දිග ප‍්‍රදේශයේ නාශ්වීල් ප‍්‍රදේශයට මෙහි බලපෑම් එල්ලවි ඇත. ඉන් නිවාස හා ගොඩනැගිලි රැසකටම හානි සිදුව ඇතැයි සදහන් වේ. විශේෂ කන්ඩායම් පහසුකම් සැලසිමට යොදවා ඇති බව බලධාරීන් සදහන් කරයි. සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයන් සොයා එරට බලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර මියගිය පුද්ගලයන් ගණන තවදුරටත් ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කරයි. විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විපතට පත් ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට සහභාගිවී ඇති බවයි.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Total Page Visits: 217 - Today Page Visits: 5
Comments: 0

Your email address will not be published. Required fields are marked with *