Foldable ට්‍රෙන්ඩ් එක

Views: 67

Tab එක, දුරකථනය යන උපාංග දෙකක් වෙනුවට, කාර්යයන් දෙකම ඉටුවන පරිදී එක් උපාංගයක් නිර්මාණය කිරීම මේ ට්‍රේන්ඩ් එකේදී සිදුවෙනවා. කොහොම වුණත් foldable දුරකථන නිර්මාණය කිරීම තාක්ෂණික සමාගම් වෙත විශාල අභියෝගයක් වූ බව නම් ඔබත් මමත් හොඳින්ම දන්නා දෙයක්. ‘Samsung Galaxy Foldable’  දුරකථනය යම් තරමක් දුරට අසාර්ථක වූ බව ඔබට මතක ඇතිනේ. අඟල් 4.6ක් වන ජංගම දුරකථනයක් ද, දිගහැරිය විට අඟල් 7.3ක  tablet එකක් ලෙසද භාවිත කළ හැකි මෙම දුරකථනය, 12GB RAM එකකින් සහ 512 GB Internal Storage එකකින් සමන්විත වෙනවා. එපමණක් නෙමෙයි, පසුපස camera 3ක් මෙන්ම cover එක මත කැමරාවක් සහ ඉදිරිපස කැමරා 2ක් වශයෙන්  camera 6 කින් මෙය සමන්විතයි. Huawei Mate X දුරකථනයත Foldable දුරකථන  පිළිබඳව සලකා බලද්දී අමතක කරන්නටම බැහැ. පසුගිය වසරේ සාර්ථක වූ එකම  Foldable  දුරකථනය ලෙස Huawei Mate X  අවිවාදයෙන් හදුන්වන්න පුළුවන්. ඊට අමතරව Motorola RAZR, Royole Flexpai, TCL Foldable Phone වැනි දුරකථනත් මේ රැල්ලේ දුරකථන අතරට එකතු වෙනවා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 78 - Today Page Visits: 2
Comments: 0

Your email address will not be published. Required fields are marked with *