වේගා අද එළිදකී

Views: 73

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත “වේගා” මෝටර් රථය අද ජිනීවා නුවරදී එළිදක්වනවා.

එය අද ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීව එළිදැක්වීමට නියමිතව තිබුණා.

නමුත් කොරෝනා වෛරසය හේතුවෙන් ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ තරඟාවලිය නවතා දැමුණා .

මේ අනුව මේ වසරේදී ලෝකයට එළිදැක්වීමට නියමිත මෙවැනි රථ ඇතුළත් වෙනම ප්‍රදර්ශනයක් ජිනීවා නුවරදී පවත්වනු ලබන අතර එහිදී මෙරට නිෂ්පාදිත වේගා රථය එළිදක්වන බව වේගා සමාගමේ ප්‍රකාශකයෙකු අප හා පැවසුවා.

මෙරට වේලාවෙන් රාත්‍රී 8.15 ට වේගා රථය එළිදක්වනවා. 

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 74 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *