වත්මන් පාර්ලිමේන්තුවේ කාලය අවසන්

Views: 53

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ඉරිදා (01) මධ්‍යම රාති‍්‍ර 12 න් පසු වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවුරුදු හතර හමාර ඉක්මවීම හේතුවෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පවතියි.

අනතුරුව මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව කැදවන දිනයද අදාළ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කරනු ඇති.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 10 ක් තුළ මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවිය යුතුයි.

මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනෙන්නේ එතැන් සිට දින 17 ක් ඇතුළතයි. 

පාර්ලිමේන්තුව විසුරුවා හැර සති 05 ත් 07 ත් අතර කාලය තුළදී මහ මැතිවරණය පැවැත්විය යුතුය.

කෙසේ වෙතත්, මහ මැතිවරණය ලබන අපේ‍්‍රල් මස 24 වනදාත් මැයි මස 04 වනදාත් අතර දිනක පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ. 

එම කාලසීමාවේදී මහ මැතිවරණය පැවැත්විය යුත්තේ පොහෝ දින, ඉරිදා දින සහ මැයි දිනය හැර වෙනත් දිනකය.

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත

Total Page Visits: 234 - Today Page Visits: 2
Comments: 0

Your email address will not be published. Required fields are marked with *