මහමැතිවරණයෙන් පසු MCC අත්සන් කරන්න කෙටුම්පත් සකස්කර අවසන්

Views: 65

එළබෙන මහමැතිවරණයෙන් පසු එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම සඳහා සියලු කෙටුම්පත් සකස්කර අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති  ඊයේ (01) දෙනියායේදී පැවසීය.

මේ එම්.සී.සී. ගිවිසුම ගැන වරින් වර සාකච්චාවන් කරනවා.සමහර ඇමතිවරු කරන ප්‍රකාශ ආණ්ඩුවේ අසුචි ගොඩේ පරිප්පු ඇට හොයනවා වගේ වැඩක්.මේකේ පොඩ්ඩක් හරි හොඳක් තියෙනවද කියලා උත්සහ කරලා බලන්නේ වෙන කිසි දෙකට නෙමෙයි අපි දන්නවා පැහැදිලිවම මේ මැතිවරණය අවසන් වෙනකොට මේ එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීමට සියලු කෙටුම්පත් සකස් කරලා තියෙන්නේ.මේ චන්දය වෙනුවෙන් තමයි මේ ආලවට්ට දමමින් ආණ්ඩුව නැවතත් ජනතාව රවට්ටන්න තමයි මේ උත්සහ ගන්නේ.

ජනාධිපතිවරණයේදී එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා සපත කරලා ඉරලා වීසි කරනවා කියලා කතා කරපු උදවිය ඒක පෙන්නලා චන්දෙ ගත්තා.දැන් මහා මැතිවරණයේදී නැවතත් කරන්න යන්නේ එකම තමයි.

මේක මේ වෙනකොට කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා තියෙනවා. බාගෙට අනුමත කරලා තියෙනවා.අත්සන් කරන්න පරිසරය හදාගෙන.අපි ජනතාවට කියන්නේ ඒකට අවශ්‍ය කරන දේවල් අරගත්ත නිසා තමයි එම්.සී.සී ගිවිසුම අනුමත කරන්න කුඩු කාපු උදවිය තමයි දැන් මේ කියන්නේ සල්ලි කොහොමහරි හම්බ වෙනවා නම් ඕන එකක් ඔට්ටුයි කියලා. අපිට ඉතා පැහැදිලියි වගකීමෙන් අපි කියන්නේ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම සඳහා ඇමරිකාවට සපත කරලා අවසානයි.ඒ සපත කිරීම ඔප්පු කරනවා අප්‍රේල් මාසේ චන්දෙ අවසන් වුනාට පස්සේ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 63 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *