ගාසා තීරය ඇවිලෙයි

Views: 62

සිරියාවේ ඩැමස්කස් සහ ගාසා තීරයේ රැඳී සිටින ඉස්ලාම් සටන්කාමී කණ්ඩායම් ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර එල්ල කරන බව  ඊශ්‍රායලය පවසනවා.

ඉරිදා (23) සිට ක්‍රියාත්මක වන මෙම ප්‍රහාර ඉස්ලාම්  සටන්කාමීන්ගේ ක්‍රියාකාරී මර්මස්ථාන ඉලක්ක කරන බව සඳහන්.

බොහෝ ඊශ්‍රායල මිසයිල විනාශ කළ බව සිරියාව පවසනවා.

පසුගිය ඉරිදා ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට නොකඩවා එල්ල වූ රොකට් ප්‍රහාර වලින් පසුව ඊශ්‍රායලය මේ ප්‍රහාර මාලාව දියත් කර තිබෙනවා.

ගාසා තීරය ආසන්නයේදී ඊශ්‍රායලය ඉස්ලාම් සටන්කාමියෙක් මරා දැමීමෙන් පසුව දෙපාර්ශවය අතර මෙම ගැටුම් උත්සන්න වුනා. 

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 61 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *