මැදවච්චිය වැවේ ගිලී සිසුන් හතරක් මරුට
ගෝමරංකඩවල, මැදවච්චිය වැවේ දිය නාමින් සිටි පාසැල් සිසුන් සිව් දෙනෙක් දියේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.
පොලීසිය පැවසුවේ අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණි හාළිඇල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් අතුරින් 7 දෙනෙක් දියේ ගිලී ඇති බවත් ඉන් තිදෙනෙක් බේරාගැනීමට හැකිවූ බවත්ය.
ඊයේ (19) සවස 06:30 පමණ මේ අනතුර සිදුව තිබේ.
අනතුරින් බේරා ගත් ළමුන් තිදෙනා ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිස් විමර්ශන සිදු කෙරේ.
උපුටා ගැනීම මව්බිම පුවත්පත
Total Page Visits: 98 - Today Page Visits: 1