ජර්මනියේ සමූහ වෙඩි තැබීම් – අටක් ජීවිතක්ෂයට

Views: 64

ජර්මනියේ ස්ථාන දෙකක හඳුනානොගත් තුවක්කුකරුවන් විසින්  සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයන් අට දෙනෙකු  මරණයට පත් වී තිබෙනවා.

එම වෙඩි තැබීම් සිදුකර ඇත්තේ දුම්පානය සඳහා ලොල් බවක් දක්වන පුද්ගලයන් ගැවසෙන ශිෂා බාර් (Shisha bar) ලෙස හැඳින්වෙන ස්ථාන දෙකක් ඉලක්ක කර ගෙනයි. 

බටහිර ජර්මනියේ හනාවු නගරයේ දී රාත්‍රී 10ට පමණ සිදුකළ මෙම වෙඩි තැබීම් හේතුවෙන් තවත් 5 දෙනෙක් පමණ තුවාළ ලබා ඇතැයි පොලීසිය පැවසුවා.

සැකකරුවන් සොයා මේ වන විටත් විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

පළමුව  සිදුකළ  වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙක් සහ අනෙක් ස්ථානයේ සිදුකළ වෙඩි තැබීමෙන් තවත් 5 දෙනෙක්  මිය ගිය බවට සඳහන් වුවත් තුවක්කුකරුවන් කොපමණ සිටියේදැයි යන්න වාර්තා වී නැහැ.

ප්‍රහාරයට හේතු වූයේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැති බව ද පොලීසිය සඳහන් කරනවා.

මීට දින කීපයකට පෙර බර්ලින් අගනුවර සිදු වූ වෙඩි තැබීමකින් ද පුද්ගලයෙක් මිය ගියා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 66 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *