ඩයමන්ඩ් ප්‍රින්සස් නැවේ ඉන්න ලංකාවේ දෙන්නාට කොරෝනා නැහැ, ඔවුන් හොඳින් මව්බිම දැන්

Views: 53

ඩයමන්ඩ් ප්‍රින්සස්’ නොහොත් ‘දියමන්ති කුමරිය’ නෞකාවේ සිටින ශ්‍රී ලංකා කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන බවයි.

මේ වන විට නෞකාවෙන් කොරෝනා රෝගීන් 454 ක් වාර්තා වී ඇති අතර ජපානයේ කනගාවා වෙරළබඩ ප්‍රාන්තයේ රෝහල්වල ඔවුන් ප්‍රතිකාර ලබනවා.

මගීන් බැහැර කිරීම සඳහා දින 14 ක නිරෝධායන කාල සීමාවක් සම්පූර්ණ කිරීම සඳහා මෙම නෞකාව අවශ්‍ය වන අතර එය හෙට (19) වන විට අවසන් වනවා. කෙසේ වෙතත්, කාර්ය මණ්ඩල සාමාජිකයින් වෛද්‍ය අවශ්‍යතා අනුව තවත් කාල සීමාවක් නිරෝධායනය කරනු ලබන බව සඳහන්.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 55 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *