නැවත බොඳ වූ ඉරාන සිහිනය

Views: 78

ඉරානය පසුගිය ඉරිදා බැලැස්ටික් මිසයිලයක් උපයෝගී කරගනිමින් එරට නිෂ්පාදිත චන්ද්‍රිකාවක් ගුවන් ගත කළ නමුත් එය අසාර්ථක වී ඇතැයි වාර්තා වනවා.

එරට Semnan ප්‍රදේශයේ පිහිටි Imam Khomeini අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී දියත් කෙරුණු Zafar 1 චන්ද්‍රිකාවට නියමිත වේගය ලබා නොගැනීම හේතුවෙන් නියමිත කක්ෂයට ළඟා වීමට නොහැකි වී තිබෙනවා.

පසුගිය වසරේද ඉරානය චන්ද්‍රිකා ව්‍යාපෘති දෙකක් දියත් කළ අතර ඒ සියල්ල අසාර්ථකව කෙලවර වුනා.

විද්‍යාත්මක ගවේශනයක් ලෙස ඉරානය හඳුන්වාදෙන මෙම සැටලයිට් ව්‍යාපෘතියට මුල සිටම අමෙරිකාවේ විරෝධය එළ්ල වුනා.

චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට යොදා ගත් බැලැස්‍ටික් මිසයිලයද නවීනතම පන්නයේ යන්ත්‍ර යොදාගෙන නිර්මාණය කර තිබෙනවා.

එම නව Raad-500 මිසයිලය කි.මී. 500ක දුර ප්‍රමාණයකට ගමන් කළ හැකි බව එරට මාධ්‍ය වාර්තා වල දැක්වෙනවා.

චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ පහසුව සඳහා වැඩිදියුණු කළ මිසයිලයේ තාක්ෂණය එහි ප්‍රහාරක ශක්‍යතාවද ඉහළ මට්ටමකට රැගෙන එන බව සඳහන්.

උපුටා ගැනීම මව්බිම පුවත්පත  

Total Page Visits: 92 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *