පැය 24 පුරා නොනිඳා දින 10ක් “කොරෝනා” රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා හෘදයාබාධයකින් මියයයි
කොරෝනා වෛරසය නිසා බොහෝ දෙනෙකු රෝගී වී මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඒ වගේම දිනෙන් දින එහි මරණ සංඛ්‍යාවත් වැඩිවීමක් දක්නට ලැබෙනවා.
මේ අතරේදී මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් මිය ගිය වෛද්‍යවරයෙකු ගැන විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා.
සෝන්ග් යින්ජි කියන මෙම වෛද්‍යවරයා නොනවත්වා දින 10 ක් පැය 24ක් මෙම රෝගීන් හට ප්‍රතිකාර කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ පැය 24 බැගින් දින 10ක් නොනිඳා වෙහෙස වූ නිසා ඇති වූ හෘදය ආබාධයකින් මෙම වෛද්‍යවරයා මිය ගිය බවයි.
උපුටා ගැනීම මව්බිම පුවත්පත
Total Page Visits: 95 - Today Page Visits: 1