ග්‍රේටා නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ කෙරේ

Views: 71

ස්වීඩනයේ දේශපාලඥයන් දෙදෙනෙක් විසින් යොවුන් දේශගුණ ක්‍රියාකාරිණියක් වන ග්‍රේටා තන්බර්ග් 2020 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබෙනවා.

අදාල නම් කිරීම සිදු කළ ස්වීඩනයේ වාමාංශික දේශපාලකයන් වන Jens Holm සහ Hakan Svenneling පවසන්නේ දේශගුණ විපර්‍යාස සම්බන්දයෙන් දේශපාලකයන්ගේ අවධානය යොමු කරවීම සඳහා වෙහෙසවී කට‍යුතු කළ අතර පැරිස් සම්මුතියට අනුව කාබන් විමෝචන‍ය සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් කටයුතු සිදු කිරීම සාමය ඇති කරවීමට ගත් ක්‍රියාමාර්ගයන් බවයි.

සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්ද ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් 2015 පැරිස් සම්මුතියට එළඹුනා.

17 හැවිරිදි ග්‍රේටා පාසල් කටයුතු වර්ජනය කරමින් දේශගුණ විපර්‍යාස වලට එරෙහිව හඬ නැගූ අතර පසුව ඇය අනුගමනය කරමින් ස්ව්වීඩනය ඇතුළු යුරෝපා රටවල ශිෂ්‍යන් මෙන්ම  ලොවපුරා සිසුන් විශාල පිරිසක් ඇය අනුගමනය කරමින් විරෝධතා වලට සම්බන්ධ වුනා.

ඇය විසින් ආරම්භ කරන්නට යෙදුනු Fridays for Future ව්‍යාපාරය තරුණ  ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයකට උත්තේජනයක් ලබා දුන්නා.

ඕනෑම ජාතික තලයේ දේශපාලකයෙක්ට තමන් කැමති පුද්ගලයෙක් නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් නම් කළ හැකි අතර පසුගිය වසරේ නොවේජියානු දේශපාලකයන් තිදෙනෙක් ග්‍රේටා ඒ සඳහා නම් කර තිබුණා.

2019 දී ඇය  Right Livelihood Award ජයගත් පුද්ගලයන් සිව් දෙනාගෙන් එක් අයෙක් වූ අතර ටයිම්ස් සඟරාව ඇය වසරේ පුද්ගලයා වශයෙන් නම් කරනු ලැබුවා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 78 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *