චීනයට නොගිය ඉලිනොයි වැසියෙකුටත් කොරෝනා වැළඳේ

Views: 74

චීනයෙන් ව්‍යාප්තිය ඇරඹුණ නව කොරෝනා වයිරසය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පළමුවරට පුද්ගලයකුගෙන් වෙනත් පුද්ගලයකුට ආසාදනය වී ඇතැයි ඉලිනොයි මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ස්ගෝසි එසිකේ පවසයි.

චීනයේ වූහාන් පළාතේ සංචාරයක් නිමවා ජනවාරි 13 වැනිදා ආපසු පැමිණි චිකාගෝ කාන්තාවකගෙන් එසේ වයිරසය ආසාදනය වී ඇත්තේ ඇගේම සැමියාටය. නමුත් ඔහු චීනයේ සංචාරය කළ පුද්ගලයකු නොවේ. නව රෝගියා ඇමෙරිකාවෙන් වාර්තා වූ 7 වැනි කොරෝනා වයිරස් ආසාදිතයාය. මෙම රෝගීන් දෙදෙනාම වයස 60 ඉක්මවූවන් වන අතර ඔවුහු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

අනෙක් ආසාදිතයන් 6 දෙනා ඇරිසෝනා, දකුණු කැලිෆෝනියා සහ වොෂිංටන් ප්‍රාන්ත වැසියන් වන අතර මෑතකදී චීනයේ සංචාරය කර පැමිණියවුන්ය. මෙම රෝගය අනෙක් ප්‍රාන්ත කරා ව්‍යාප්ත වීම වළක්වනු පිණිස ඇමෙරිකානු රජය විසින් පසුගිය සිකුරාදා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලදී. සෙනසුරාදා වනවිට චීනයෙන් කොරෝනා ආසාදිතයන් 14,380 දෙනකු වාර්තා වී තිබූ අතර ඉන් 304 දෙනකු ජීවිතක්ෂයට පත් වී තිබිණි.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 79 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *