රටවල් රැසක වැසියන් වුහාන් නගරයෙන් ඉවත් කර ගනී

Views: 86

රටවල් 18කට කොරෝනා පැතිරෙයි

අමෙරිකාව, ජපානය, යුරෝපා සංගමය, දකුණු කොරියාව ඇතුළු රටවල් රැසක් තම රටවැසියන් චීනයේ වුහාන් නගරයෙන් ඉවත් කිරීම ආරම්භ කරයි. ඒ අනුව අමෙරිකා රාජත්‍රාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැගත් ගුවන් යානය වුහාන් නගරයෙන් පිටත් වූ බව සඳහන්ය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පිටත් කළ යැවූ එම යානය වුහාන් හි ටියැන්හෙ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්

අමෙරිකානුවන් 240දෙනකු රැගෙන ඒමට නියමිතය. මේ අතර වුහාන් නගරයෙන් ඉවත් කර ගත් පළමු ජපන් ජාතිකයන් කණ්ඩායම ඊයේ (බදාදා) පෙරවරුවේ ජපානයට ලඟා වූ අතර පුද්ගලයන් 206 දෙනකු ඊට ඇතුළත් විය. තවත් ජපන් ජාතිකයන් 450දෙනකු එම නගරයෙන් ඉවත් කර ගැනීමට නියමිතය.

හොනන් මුහුදු ආහාර වෙළෙඳපොළ හා වැඩි ජනගහනයක් සහිත් ප්‍රදේශවල සිටි ජපන් ජාතිකයන් මෙසේ ගෙන්වා ගත් පළමු කණ්ඩායමට ඇතුළත් විය. තම රටවැසියන් ගෙන්වා ගැනීමට ජපානය යැවූ ගුවන් යානයෙන් මුහුණු හා අත් ආවරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇතුළු වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් චීන රජය වෙත යැවීමට ජපානය කටයුතු කර තිබිණි.

ප්‍රංශ ජාතිකයන් 250කට අධික පිරිසක් එම නගරයෙන් ඉවත් කර ගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් යොමු කළ බව යුරෝපා සංගමය පවසයි. ඕස්ට්‍රේලියාවට ආපසු ගෙන්වා ගත් තම පුරවැසියන් එරටට කිලෝ මීටර් 2000ක් පමණ දුරින් පිහිටි ක්‍රිස්මස් දූපතේ රඳවමින් වෛද්‍ය නිරීක්ෂණ යටතේ තැබීමට එරට රජය තීරණය කර ඇත. මේ අතර චීනයට හා බ්‍රිතාන්‍ය අතර සෘජු ගුවන් ගමන් අත්හිටුවීමට බ්‍රිතාන්‍ය ගුවන් සේවය තීරණය කර තිබේ.

මේ වන විට චීනයෙන් පිටත රටවල් 18කට වෛරසය ව්‍යාප්ත වී ඇති අතර ඊයේ (29) දිනයේ දී එක්සත් එමීර් රාජ්‍යයේ හා ටිබෙටයෙ න් ද කොරෝනා වෛරස් ආසාදිතයින් එක් අයකු බැගින් වාර්තා වූ අතර එක්සත් එමීර් රාජ්‍යයෙන් හමු වූ ආසාදිතයා චීනයේ වුහාන් නගරයේ සිට ඩුබායි වෙත පැමිණි චීන ජාතික පවුලක සාමාජිකයෙකි. එම පවුලේ සියලු සාමාජිකයන් මේ වන විට වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා යුවාන් බිලියන 4.4 ක්( අමෙරිකානු ඩොලර් මිලියන 640ක් පමණ) ක් වෙන් කර ඇති බව චීන මුදල් අමාත්‍යංශය පවසයි. කොරෝනා වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත මධ්‍යම චීනයේ හුබෙයි පළාත සඳහා අමතර යුවාන් මිලියන 500ක් ඊට ඇතුළත් බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී ද මුදල් අමාත්‍යාංශය විසින් හුබෙයි පළාත් සඳහා යුවාන් බිලියනයක් වෙන් කරනු ලැබීය.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Total Page Visits: 90 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *