චීනයේ ගූගල් කටයුතු තාවකාලිකව නවතී
චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් කාර්යාල සේවකයන් හට ලබාදී තිබූ නිවාඩු කාලය පෙබරවාරි 3 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ නමුත් වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වැඩ කරන ජනතාව තවදුරටත් නිවාස තුළ රඳවා තැබීම පිණිස අවුරුදු නිවාඩු සමය දිගු කිරීමට චීන රජය තීරණය කළේය. රජයේ එම ක්‍රියා මාර්ගයට සහයෝගය දැක්වීමට සිය සමාගම ද කටයුතු කරන බව ගූගල් ආයතනය නිවේදනය කර තිබේ.
උපුටා ගැනීම දිනමිණ පුවත්පත
Total Page Visits: 76 - Today Page Visits: 1