චීනයේ නගර වැසීමෙන් මිලියන 60ක් කොටුවෙලා

Views: 67

කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩ පැවැත්වීමේ පියවරක් ලෙස චීනයේ නගර වසා දැමීම හේතුවෙන් මේ වන විට මිලියන 60කට ආසන්න සංඛ්‍යාවක් එම නගර තුළ කොටු වී ඇති බව වාර්තා වේ.

චීනයට අමතරව මේ වන විට ලොව පුරා ස්ථාන 17කින් මෙම ආසාදිතයන් හමු වී තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ පළාත් මට්ටමේ කලාප 30 තුළ නියුමෝනියා තත්ත්වයේ රෝගීන් 4,515ක් හඳුනා ගෙන ඇති බවත් සඳුදා රාත්‍රිය වන විට මෙම තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති බවත් චීනයේ සෞඛ්‍ය බලධාරීහු පවසති. එදින වන විට පුද්ගලයින් 6,973 ක් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බවත් රෝගීන් 976 දෙනකු ගේ තත්ත්වය බරපතළ බවත් ජාතික සෞඛ්‍ය කොමිසම සිය දෛනික වාර්තාවෙන් අනාවරණය කරයි. මේ අතර සුව වූ පුද්ගලයින් 60 දෙනකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව ද එහි දැක්වේ. සඳුදා දිනයේ පමණක් රෝගීන් 515 කු අසාධ්‍ය තත්ත්වයට පත් වූ අතර එදින රෝහල්වලින් පිට වූ සංඛ්‍යාව නවයකි.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතයින් සමඟ කිට්ටු සම්බන්ධතා පැවැත්වූ 47,833 ක් අතරින් 914 දෙනකු සඳුදා දිනයේ දී වෛද්‍ය නිරීක්ෂණවලින් නිදහස් කර ඇති අතර තවත් 44,132 දෙනෙකු තවමත් වෛද්‍ය නිරීක්ෂණ මත සිටිති.

මේ අතර හොංකොං විශේෂ පාලන කලාපයේ 08 දෙනකු, මැකාඕ විශේෂ පාලන කලාපයේ 07 දෙනකු හා තායිවානයේ 05 දෙනකු ලෙස කොරෝනා වෛරසය ආසාදිතයින් හඳුනා ගෙන ඇත. මීට අමතරව ඔස්ට්‍රේලියාව 05, කාම්බෝජය 01, කැනඩාව 02, ප්‍රංශය 01, ජර්මනිය 01, ජපානය 04, මැලේසියාව 04, නේපාලය 01, සිංගප්පූරුව 05, දකුණු කොරියාව 04, ශ්‍රී ලංකාව 01, තායිලන්තය 14, අමෙරිකා එක්සත් ජනපදය 05, වියට්නාමය 02 දෙනකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Total Page Visits: 73 - Today Page Visits: 2
Comments: 0

Your email address will not be published. Required fields are marked with *