ට්‍රම්ප්ගේ දෝෂාභියෝග අස්සේ සෙනට් මණ්ඩලය කලබලෙන්

Views: 79

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය මේ වනවිට එරට සෙනට් මණ්ඩලය විසින් විභාග කරමින් සිටිනවා.

ඔහුට එරෙහිව අලුත් සාක්ෂි ඉදිර්පත් කිරීමට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් උත්සාහ ගත්තත් සෙනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර සෙනට් රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන්ම එල්ල වූ බලපෑම මත එහි බහුතර බලය හිමි  Mitch McConnell මෙම විභාගය වඩා වේගවත් කිරීමට තීරණය කර තිබෙනවා.

බලය අවභාවිත කිරීම සහ කොංග්‍රසයේ කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල වුවත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කරනවා.

සෙනට් මණ්ඩලය මෙහිදී අපක්ෂපාතී ජූරු සභිකයන් ලෙස කටයුතු කරන්නට පොරොන්දු වී සිටිනවා.

දිනකට පැය 6 බැගින් සතියට දින 6ක් මේ නඩු විභාගය පැවැත්වෙන අතර එහි මුලසුන අමෙරිකානු අග විනිසුරු John Roberts විසින් හොබවනවා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 85 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *