ඉන්දියාවත් දිය යටින් මිසයිල යවයි
ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළට සමීප මුහුදේ රඳවා ඇති න්‍යෂ්ටික බලශක්තියෙන් ක්‍රියා කරන සබ්මැරීනයක සිට K-4 වර්ගයේ බැලස්ටික් මිසයිලයක් සාර්ථක ලෙස දියත් කිරීමට ඉන්දියාව පසුගියදා සමත් විය. එය එරට ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය විසින් නිර්මාණය කරන ලද නවීනතම මිසයිල දෙකෙන් එකකි. (අනෙක් මිසයිලය වන්නේ කිලෝමීටර් 700ක් දක්වා යැවිය හැකි BO-5 මිසයිලයය)
මෙවැනි මිසයිලයක් කිලෝමීටර් 3,500ක් දක්වා දුරින් පිහිටි ඉලක්කයට යොමු කළ හැකිය. නමුත් මෙම අත්හදා බැලීමේදී එය යොමු කර තිබුණේ කිලෝමීටර් 1,500ක දුරකටයි. මේ අනුව අහසේ සිට, පොළොව මතුපිට සිට මෙන්ම මුහුද යට සිට පවා මිසයිල එල්ල කිරීමේ හැකියාව ඉන්දියාව සතු වෙයි. මිසයිලය දියත් කිරීමට යොදාගැනුණු Arihant කාණ්ඩයේ න්‍යෂ්ටික සබ්මැරීනය පවා ඉන්දියාව විසින්ම නිර්මාණය කරනු ලැබූවකි. ඉදිරි කාලයේදී තවත් මෙවැනි මිසයිල් අත්හදා බැලීමට අපේක්ෂා කරන බව ඉන්දියාව නිවේදනය කර තිබේ.
උපුටා ගැනීම මව්බිම පුවත්පත