පුරවැසි පනතට එරෙහිව දහස් ගණනක් වීදි බසිති
ඉන්දියාවේ ප්රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙයි
පොලිස් වෙඩි තැබීම්වලින් දහයක් මරුට
ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහිව ඇසෑම් ප්‍රාන්තයේ පැවැති විරෝධතා පාලනයේ දී පොලීසිය සිදු කළ වෙඩි තැබීම්වලින් දසදෙනකු මිය ගොස් තිබේ.
මේ වන විට එම විරෝධතා දැඩි ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇති අතර ගිනි තැබීම් වැනි ප්රචණ්ඩ ක්‍රියාවන්හි නිරත වූ 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, 2000කට වැඩි පිරිසක් පොලිස් රැඳවුම් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
වෙඩි තැබීම්වලින් සිදු වූ තුවාල නිසා ගුවහටි වෛද්‍ය විද්‍යාල රෝහලේ දී එක් පුද්ගලයකු ද ගුවහටි සහ දිබ්රුගාර් හි සිදු වූ පොලිස් වෙඩි තැබීම්වලින් සහ බැටන් පොලු ප්‍රහාරවලින් තවත් තිදෙනකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. ටින්සුකියා සහ දරාන්ග් දිස්ත්‍රික්කවල දී කලහාකාරී පිරිස් කළ ගිනිතැබීම්වලින් පුද්ගලයන් දෙදෙනක් මරුමුවට පත් වූ බව මේ වන විට තහවුරු වී තිබේ.
කෙසේ වුවත් බ්‍රහ්මපුත්‍ර නිම්න ප්‍රදේශයේ සහ ෂිලෝන් ප්‍රදේශයේ ඇඳිරි නීතිය ලිහිල් කර ඇති බව සඳහන්ය. ඊයේ වන විටත් ජංගම දුරකතන හා අන්තර්ජාල සේවා තාවකාලිකව නවතා දමා තිබේ.
උපුටා ගැනීම දිනමිණ පුවත්පත