විදෙස් නිරීක්ෂකයෝ අද සිට වැඩට බසිති

Views: 306

ජනාධිපතිවරණ කටයුතු නිරීක්ෂණය සහ අධ්‍යනය සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම සහ ජාත්‍යන්තර අධ්‍යන කණ්ඩායම අද (14) සිට මුළු දිවයිනම ආවරණය කරමින් සිය කටයුතු ආරම්භ කරන බව එම කණ්ඩායම කොළඹ ගලදාරි හෝටලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (13) අනාවරණය කළේය.

ඉන්දුනිසියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා මාලදිවයිනනියෝජනය කරමින් පැමිණ සිටින මෙම කණ්ඩායමේ සාමාජිකයින් එම රටවල මැතිවරණ කොමිෂන් සභාවන් හි නිලධාරීන් වේ.

කොළඹ සහ ගම්පහ, හම්බන්තොට, යාපනය, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම සහ මොනරාගල දිස්ත්‍රික්ක වල සිය නිරීක්ෂණ කටයුතු සිදු කරන බවත් ඊට පෙර මෙරට මැතිවරණ කොමසාරිස්වරයා, පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් මුණ ගැසුණ බවත් ඊයේ පස්වරුවේ දේශපාලන අපේක්ෂකයින් මෙන්ම දේශීය නිරීක්ෂකයින් මුණ ගැසීමට නියමිත බවත් මෙහිදී සඳහන් කෙරිණි. මෙම කණ්ඩායම අත්දැකීම් බහුල කණ්ඩායමක් බව ද ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිය කටයුතු සිදු කෙරෙන බව ද ඉන්දුනීසියාවේ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වහ්යු සෙටියවන් මහතා පැවසීය. මේ වන විශේෂයෙන් මාධ්‍ය වාර්තා අනුව පවතින තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව ද ඔහු පැවසීය. 15 වැනි දා මැතිවරණය සංවිධානය සහ ඡන්ද පොළ හා ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි ආරක්ෂක විධිවිධාන නිරීක්ෂණය කිරීමට නියමිත බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. මැතිවරණය පැවැත්වෙන 16 වැනි දින දවස පුරා ඡන්ද පොළ හා අපහසුතාවයකින් තොරව ඡන්දදායකයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම් සැපයීම පිළිබඳ වද අනතුරු ඡන්දය ගණන් කිරීම පිළිබඳව ද නිරීක්ෂණය කෙරෙන බව ඔහු පැවසීය.

නිරීක්ෂණ කණ්ඩායමට අමතරව භූතානය, පිලිපීනය, මාලදිවයින සහ බංග්ලාදේශය නියෝජනය කරන අධ්‍යන කණ්ඩායම කලුතර, අනුරාධපුරය, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්ක වල සිය අධ්‍යන කටයුතු සිදු කරනු ලැබේ.

ජනාධිපතිවරණය පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යන කණ්ඩායමේ අධ්‍යන වාර්තාව සහ ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂණ වාර්තාව 20 වැනි දිනට පෙර මැතිවරණ කොමසාරිස්වරයා සහ බාර දෙන බව මෙහිදී අවධාරණය කෙරිණි.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Total Page Visits: 394 - Today Page Visits: 2
Comments: 0

Your email address will not be published. Required fields are marked with *