කුසල් හා කසුන් ඉවතට අවිශ්ක ,ඉසුරු හා ෂෙහාන් ඇතුලට! – ඓතිහාසික පරාජයෙන් බේරීමට ලංකාව ප්‍රබල සටනක

Views: 337

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඕස්ට්‍රේලියාවේ බි්‍රස්බේන් නුවරදී අද (30දා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40ට ආරම්භවීමට නියමිතය. 

යහපත් මානසිකත්වයකින් යුතුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අද තරගයට පිවිසිය හැකි වුවද පළමු තරගයේදී ලැබූ අවමන් සහගත පරාජය හේතුවෙන් ‘අළුගසා’ නැඟිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇත්තේ අද තරගයෙන් පරාජය වුවහොත් වේලාසනින්ම තරගාවලි පරාජයලැබීමටද ශ්‍රී ලංකාවට සිදුවන බැවිනි. 

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති විස්සයි-20 තරග 14 අතරින් වැඩි අවස්ථා ගණනක් (තරග 8ක්) ශ්‍රී ලංකාව ජයගෙන ඇති නමුත් ඕස්ට්‍රේලියාවේදී හෝ ලංකාවේදී පැවැති තරග දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් සමන්විත විස්සයි-20 තරගාවලියකදී ලංකාව මෙතෙක් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය ලබා නොමැතිවීමද විශේෂත්වයකි. එහෙත් යම් හෙයකින් අද තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් එම ඉතිහාසයද වෙනස් වී යනු ඇත. 

කෙසේ වෙතත් පළමු තරගයේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් හා කසුන් රාජිතගේ ස්ථාන පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති හෙයින් ඔවුන් වෙනුවට ෂෙහාන් ජයසූරිය, ඉසුරු උදාන හෝ අවිශ්ක ප්‍රනාන්දු යොදාගැනීමට ඉඩ ඇති බව පැවැසේ. 

මේ අතර වේගපන්දු යවන්නන්ට හා දඟ පන්දු යවන්නන්ට සම ප්‍රතිඵල අත්කරදෙන මෙම බි්‍රස්බේන්හි ගැබා පිටිය පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය පිටියක් ලෙස ඉතිහාසය සාක්‍ෂි දරා ඇති අතර, මෙම පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි-20 තරගයක් සඳහා සහභාගි වී නොමැති වීමද කැපී පෙනේ. 

දෙරට අතර පැවැත්වෙන තෙවැනි මෙන්ම අවසන් විස්සයි-20 තරගය නොවැම්බර් 01 වැනිදා මෙල්බර්න්හිදී පැවැත්වීමට නියමිතය.  

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 584 - Today Page Visits: 3
Comments: 0

Your email address will not be published. Required fields are marked with *